2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

වැටඋඩ ඉන්න කස්ටිය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 882

අලි පාටියෙ තිබෙන ගෝසාවල් ඉවර නැති නිසා දුකින් ඉන්න සමහර උදවිය එක්ක පොහොට්ටුවෙ ලොක්කෙක් ඇයි හොඳයිකමක් පටන් අරන් කියල ආරංචියි....

පාටියෙ වෙනසක් කරන්න ගිහිල්ල බලාපොරොත්තු කඩකරගත්ත බස්නාහිර, සබරගමුව, වයඹ හා ඌව පළාතෙ කිහිපදෙනෙක් මේ විදියට දැන් වැට උඩට නැගල කියලයි කියන්නෙ.

මෙහෙම වැටඋඩ ඉන්න පිරිස ගණනින් 12 හෝ 13ක්ලු... අලි පාටියෙ සංශෝධනවාදී කස්ටිය අතරෙ ඉන්න සටන්කාමියෙක් දෙන්නෙකුත් මෙතෙන්ට සැට්වෙලා කියලත් කියැවෙනව....

මේ අය එක්ක පොහොට්ටු කස්ටිය කරන දේශපාලන ගනුදෙනුව කෙළවර කරන්න ගත්තෙ මහ ඡන්දෙන් පස්සෙලු.... එයාලගෙන් ආණ්ඩුවෙ කස්ටිය ඉල්ලල තියෙන්නෙ 2/3 මල් වට්ටියට අතගහන්න එන්න කියලයි... ඒකට සපෝට් කරන අයට පට්ටම් ප්‍රදානයක් නැතත් වෙනත් ප්‍රසාද සංග්‍රහ ලැබෙන්න පුළුවන් බවයි ආරංචි....

දැන් මේ ගැන තැන තැන අවිධිමත් කතා යනව... කවුන්සිලේ විසිරුවට පස්සේ ඒක විධිමත් තත්ත්වෙට ගේන්නයි පොහොට්ටුවෙ කල්පනාව.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00