පුලතිසිපුරේ දේශපාලන සටන් බිමේ සීතල යුද්ධයක් හටගෙන තියෙනවය කියල වාර්තා වෙනවා....
මේ යුද්ධය පටන් අරන් තිබෙන්නෙ එකම පාටියෙ දෙන්නෙක් අතරෙ. එක් කෙනෙක් හුඟක් ලොකු චරිතයක්ලු... අනෙක එයාගෙම ගෝලයෙක්ලු.
දෙන්නම මේ පාර ආණ්ඩුව පැත්තෙන් දියවන්නා කවුන්සිල් සටනට ඉදිරිපත් වෙන්නලු යන්නෙ...
ඒත් ගුරුතුමා ගෝලයට උදව් පදව් කරන්නෙ නැතිව කකුලෙන් අදින බව ගෝලය හැමතැනම කිය කියා යනවලු....
මනාප පොරේ උග්ර සටනක් වීමත් ගෝලයත් ජනප්රිය චරිතයක් වීමත් නිසයි මේ විදියට හුටපටයක් ආරම්භ වුණේ. මේ සටන කොයිතරම් සිග්ගරේට යනවද කිව්වොත් ගෝලය සංවිධානය කරන සමහර රුස්වීම්වලට පවා බාල්දි පෙරළෙන වගයි ආරංචි....
මේ ගුත්තිල - මූසිල සටන නැගල යද්දි ගුරුතුමාගෙ එකම අරමුණ රටේ වැඩිම මනාප කන්ද තමන්ට එකතු කරගෙන ඒ මාර්ගෙන් ආණ්ඩුවෙ බලවත් තනතුරක් සඳහා ඉව ඇල්ලීමය කියල තතුදත් අය කියනව....