2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

වචනෙට හිත රිදිලා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 1344

ආණ්ඩුවෙ දෙවැනි පුටුව දරන හිටපු ලොකු තැන... යහපාලන ආණ්ඩුවෙ ප්‍රධානියා වූ පුලතිසිපුරේ ලොක්කට නිකම්ම නම කියල මාධ්‍යයට ප්‍රකාශයක් දුන්න එක ගැන පුලතිසි ලොක්කට හිත් අමාරුවෙලාලු...

ඒත් පුලතිසි ලොක්ක ඒ ගැන කෙළින්ම රටේ දෙවැනියගෙන් අහන්නෙ නැතුව අත පාටියෙ මහ ලියන මහත්තය වන දයාබර ඇමැතිතුමාට මේ නෝක්කාඩුව කිව්වෙ ඒ ගැන විරෝධයක් පළකරමින්ලු.

ඒ පාර දයාබර ඇමති තැන ආණ්ඩුවෙ දෙවැනිය හමුවෙලා ඇයි සර් අපේ ලොකු මහත්තයට මෙහෙම කිව්වෙ කියල ප්‍රශ්නයක් ඇහුව....

එතකොටයි ආණ්ඩුවෙ දෙවැනියට තේරුණේ තමන්ගෙ කටින් ස්ලිප් වෙලා ගියපු වචනය ගැන....

කොහොම නමුත් ඒකත් මතක් කරන ගමන් රටේ දෙවැනිය දයාබර ඇමැතිට මෙහෙම කිව්වලු. අපි හරි අමාරුවෙන් මෙතුමා ඡන්දෙටත් දැම්මෙ... අපේ මිනිස්සු එයා එක්ක කොක්කෙ ඉන්නෙ.... මම යන යන තැන ආප්ප කතා කිය කිය මිනිස්සු විතරක් නෙවෙයි ගෑනු අයත් මට බරබරේ දානව... ඒ හින්ද ඔය කටින් ලිස්සල යන වචන ගැන නොසිත ඡන්දෙ කරන්න කියන්නකො.... කියමින් කතාවට තිත තිබ්බ.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00