දැනට විපක්ෂයෙ ඉන්න ලොකුම බලවේගෙ ඉහළම පට්ටමක් දරන කෙනෙක් පසුගියදා මේ රටේ පූජ්‍ය පක්ෂයේ ලොකු මට්ටමේ කෙනෙක් මුණගැහෙන්න ගියා.
එහෙම ගිහිල්ල අල්ලාප සල්ලාපෙ යෙදෙන ගමන් පූජ්‍ය පක්ෂයේ කෙනා ඇහුවෙ දේශපාලනේ ඉදිරි ගමන සිදුකරන ආකාරය ගැනයි.
ඒ ප්‍රශ්නයට දේශපාලකතුමාට හරි උත්තරයක් දී ගන්න බැරුව එකලා මෙකල වෙවී නොයෙක් දේ කියන්න ගත්ත...
ඊට පස්සෙ පූජ්‍ය පක්ෂයේ ප්‍රධානියා ඇහුව මහත්තයෝ මොකද නිකම් අප්සෙට් එකේ වගේ අවුලක්ද? කියලා...
ඊටපස්සේ හොඳට වටපිට බලාපු දේශපාලකතුමා තමන්ගේ හිතේ හංගාගෙන හිටපු අදහස් උදහස් ගංවතුර වගේ ගලාගෙන යන්න දුන්නලු.
උන්නැහේ කිව්ව විදියට තමන්ගෙ පක්ෂයේ ඉහළම මට්ටමේ කෙනෙක් ගැන තැබූ විශ්වාසය හොඳටම දෙදරලලු... එහෙම කියන ගමන් එයා ප්‍රකාශ කළේ තමන්ලාගෙ පක්ෂයේ රැස්වීම්වලට පක්ෂයට සම්බන්ධ නැති උදවියත් ගෙන්නල මුල් පුටුවල වාඩිකර ගන්නා බවයි....
මෙහෙම කියමින් දේශපාලකතුමා පශ්චත්තාප කතාවක් දාද්දී පූජ්‍ය පක්ෂයේ කෙනා ඇහුව දැන් මොකද කරන්නෙ කියල. ඒකට දේශපාලකතුමා හොඳ උත්තරයක් දුන්න. ඒත් ඒක මෙතන ලියන්න සැරවැඩි නිසා නොලියා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා....