කාලයක් ජාත්‍යන්තර වැඩ කරපු කළුතර පැත්තේ ඉන්න දේශපාලුතුමෙක් පහුගිය දවසක අත පාටියෙන් අයින් කළා. ඒ අයින් කරන්න හේතුව එයා ගහපු ඩබල් ගේමක් හිටපු මහතැනගෙ කනට වැටීම නිසයි.
මෙයා කාලයක් පොහොට්ටුවට වැඩකරලා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නත් හදන වෙලාවේ මෙයා කිය කියා යනවලු මෙයා තමයි අත පාටියේ කළුතර දිස්ත්‍රික් නියෝජනය කියලා. ඒ විතරක් නම් කමක් නෑ මෙයා අත පාටියේ පහළ මන්තිරි අය ගෙනැල්ලා ගෙදර රැස්වීම් පවා තියලාලු. එහෙම තියන ගමන් කියනවලු එයා එක්ක පොහොට්ටුවට එකතු වෙන්න කියලා. බොහොම අමාරුවෙන් තියන් ඉන්න කීපදෙනත් අල්ලන් අත පාටියේ ඉතුරු ටිකත් හූරලා ගන්න හදන වැඩේ ගැන පාටියේ ලොක්කන්ට ආරංචි වෙලාලු එයාව ඉවත් කළේ. හැබැයි දැන් අත පාටියේ කිහිපදෙනෙක් දැන් මෙයාගේ කකුලෙන් ඇදීමේ වැඩ කීපයක් කරගෙන යනවා කියලත් ආරංචියි.