සිංහල සිනමාවට මහා විශාල සේවාවක් කළ සිනමා තාරකාවකට චිත්‍රපට සම්බන්ධයෙන් ලොකු වගකීමක් පවරන්න ආණ්ඩුවේ ඉහළම බලධාරීන් තීන්දු කළා...
අන්තිමට ඒක කළ යුතුව තිබෙන ආණ්ඩුවේ බලධාරීන්ටත් මේ තාරකාවට අදාළ පත්වීම දෙන්න කියලා නියම කළා... ඉහළම තැනින් නියෝග ලැබිලත් වැඩේනම් කියාපු විදිහට සිද්ධ වුණේ නැහැ. සිනමා ලොවේ ඉහළම තැනක ඉන්න මේ සිනමා තාරකාවත් ඒ ගැන හොයන්න පස්සෙන් ගියෙත් නැහැ.
අන්තිමේදී වැඩේ සිද්ධ වුණේ නැති වුණාම ඉහළම කන්තෝරැවකින් මේ ගැන විමර්ශනයක් කළා. ඒ විමර්ශනයේදී හෙළි වුණේ හතර හිනා යන කාරණාවක්.
මේ සුප්‍රකට සිනමා තාරකාව සිනමා සංස්ථාවෙන් ගත්ත පැරැණි ණය මුදලක හිඟයක් තියනවා කියන එකයි තනතුර නොදීමේ හේතුව හැටියට විෂය භාර අමාත්‍යංශෙ නිසි බලධාරියා කිව්වේ. ණය අරන් පොලු තිබ්බම ඒක එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.
ඒත් රටේ දෙවැනි මහත්තයට මේ කාරණාව ආරංචි වෙලා උන්නැහේ මේ ගැන විපරම් කළාලු. මේ සිනමා තාරකාව සිනමා සංස්ථාවට කොච්චර ලොකු ණය පොල්ලක් තියලා තියනවද කියලයි උන්නැහේ විමසුවේ. එතකොට සංස්ථාවේ බලධාරියෝ දුන්න උත්තරේ ඇහුවමයි කාටත් හතර හිනා පහළ වුණේ...
මේ අග්‍රගණ්‍ය සිනමා තාරකාව සිනමා සංස්ථාවට තියාපු ණය පොල්ල රුපියල් හාරසීයලු. රුපියල් හාරසීයේ ණය පොල්ල නිසා සංස්ථාවේ පට්ටමක් දෙන්න බැහැ කියලා කියපු අමාත්‍යංශ ලොක්කට ඊටපස්සේ ලුණු ඇඹුල් ඇතුව හොඳ දෙකක් අහගන්න ලැබුණු බවත් ආරංචියි.