2020 ජුනි 06 වන සෙනසුරාදා

ආසන පැනවිල්ල

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 555

පසුගිය දවසක අපෙන් සමුගත් වතුකර නායකයාගේ දේහය දියවන්නා කවුන්සිලේට ගෙනාවෙ එතන ඉන්න දේශපාලන සගයන්ගෙ ගෞරවය ලබා දෙන්නයි.

රටේ ලොකු මහත්තය වගේම දෙවැනි මහත්තයත් තවත් නොයෙක් දේශපාලන නායකයොත් එතැනට ඇවිත් ගෞරවය පුදකළා...

ඒත් අපි කියන්න යන්නෙ එතන තිබුණ චාම් දේශපාලන හමුවීමේදී රටේ ඉහළම ලොක්කන් දෙදෙනෙකුට අසුන් නොපැනවීම සම්බන්ධ කතාවක්...

කවුන්සිලේ උත්සවයක් තියනකොට එතන සංවිධානය භාරවෙන්නෙ එක්තරා නිලධාරියෙකුටලු. ඒත් උන්නැහේ ආසන පනවද්දි රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් දෙන්නාට ආසන දෙකක් පනවල තිබිල නැහැ.

ඊටපස්සෙ එතන හිටපු ආණ්ඩුවෙ මුලාදෑනි ඒ බව මේ වගකිවයුත්තට පෙන්වා දුන්න... ඒත් එයා ඒක ගණන් ගත්තෙ නැතිලු. ඒ ගොල්ලො ආවොත් ඔය තියෙන ප්ලාස්ටික් පුටුවක වාඩිවෙන්න කියන්න... කියන උත්තරෙයි එයා මේ ගැන අහපු අයට කිව්වෙ....

රජයේ නිල ධුරාවලියේ හැටියට රාජ්‍ය සේවයෙ ඉන්න ඉහළම නිලධාරිතුමා මොකක් හරි නිසා උත්සවේට ආවෙ නැහැ...

ඒත් රාජ්‍ය සේවයේ දෙවැනියා ආව... එයාට හිමි අසුන නොතිබුණ නිසා එයා හිටගෙන මේ අවස්ථාවට සහභාගි වුණා. කාටවත් පැමිණිලි කරන්න ගියේ නැහැ. හැබැයි දියවන්නා කන්තෝරුවෙ ඉන්න සමහරු අර බලධාරියා කරපු සවුත්තු වැඩේ ගැන තැන තැන කුටු කුටු ගානව අපට ඇහුණා.