දැනට සමගි බලවේගෙ කස්ටිය එක්ක සැට්වෙලා ඉන්න තුන් දෙනෙක් අලි පාටියෙ ලොකු තැන එක්ක අමුතු කතාවක් දැම්මය කියලා ආරංචියක් යනවා...
එයින් එක්කෙනෙක් තමයි ඊයෙ පෙරේදා මන්තිරි සටනින් ඉවත් වුණු මාතර මංගලතුමා...
අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් අලි පාටියෙ ලොකු තැනගෙ පාසල් කාලෙ ඉඳල ඉන්න යාළුවෙක්ලු... තුන්වැනි චරිතය කොළඹ දිස්තිරික්කෙ රත්මලාන මොරටුව පැත්තෙ ආසනේ අලිපාටි සංවිධායක හැටියට ඉඳලා සමගි බලවේගෙට හයියක් වෙන්න ආපු කෙනෙක්ලු...
මේ අය තමන්ගෙ පරණ ලොකු තැන එක්ක මොනවා කතා කළාද කියලා නම් දන්නෙ නැහැ...
හැබැයි යම් පෙරළියක පෙරනිමිත්තක් පේන්න තිබෙන වග නම් කියන්න පුළුවන්.