2020 ජුනි 13 වන සෙනසුරාදා

එයාල අපිට නැහැල්ලු

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 634

රටේ හිටපු ලොකු තැන රජරටින් මහ පුටුවට ආපුවෙලේ ඉඳලා ගහපු හාදයෙක් ගැන තමයි මේ කියන්නේ. එයා සිංහයා වගේ රජරටම ඉන්න කෙනෙක්ලු. හැබැයි උන්නැහේ මේ දවස්වල ඉන්නේ මහා කලකිරීමක බව ආරංචියි. මොකද එයා හිටපු රටේ මහතැනට විරුද්ධව කරපු වැඩ එකක්වත් හරි ගියේ නැති නිසයි.

අවසාන වශයෙන් හිටපු රටේ මහ තැනගේ හාල් මල්ලිටත් ගේම් ගහන්න හදලා, උඩ ඉන්න අය ඔක්කොම හාල් මල්ලිගේ පැත්ත ගත්ත එකෙන් එයා ගොඩක් ලැජ්ජා වුණාලු. මේ නිසා එයා දැන් ඉන්නේ කනගාටුවෙන්. වැඩිය මාධ්‍ය ඉදිරියට නොයන්නත් තීරණය කළාලු. මෙයාගේ හිතවත්ම අයට කතාකරලා කිව්වලු “වැඩක් නෑ ලොක්කෝ වෙනුවෙන් හිටියට. එයාලා අපි වෙනුවෙන් නෑ” කියලා. මේ දවස්වල අඬෝවැඩියාවෙන් ඡන්ද කරන්න ඉන්නවා කියලයි ආරංචිය.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00