2020 ජුනි 13 වන සෙනසුරාදා

වතුකරේට අලුත් ඇමක්

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 563

වතුකර නායක තොණ්ඩතුමාගෙන් පස්සෙ එයාගෙ පුතා වතුකරෙන් ඡන්දෙට දාන්න පොහොට්ටු කස්ටිය තීන්දු කළා.

මෙයා අලුත් චරිතයක්. ඒ වගේම නළු පෙනුමක් තිබෙන තරුණයෙක්. ඒ හින්ද උඩරට පළාතෙ කිසිම භේදයකින් තොරව එයාට මනාප එක්රුස්වෙන බවක් පේන්න තිබෙනවලු...

තරුණ පරම්පරාවෙ දෙමළ අය විතරක් නෙවේ, සමහර සිංහල තරුණ තරුණියොත් ජීවන් ගැන අවධානෙ යොමු කිරීම නිසා නුවරඑළියෙ ලොකු මනාප සටනකට බැහැල ඉන්න (නායක) මහත්වරු දෙන්නෙක් මාර අප්සෙට්ලු.

මේ දෙන්නම කලින් නුවරඑළිය සිංහල පළාත්වලින් වගේම දෙමළ පළාත්වලිනුත් මනාප නෙලාගත්ත අය...

කොහොමහරි මේ අලුත් චරිතය දැන් වතුකරේ දේශපාලන රඟපෑමක යෙදෙන නිසා තමන්ගෙ මනාප ගොඩ අඩුවෙයි කියන බයෙන් එයාලා දැන් අලුත් අලුත් දේශපාලන ගේම් සැට් කරගෙන යනවලු... (මොබයිල් ඩේටා).. (රීලෝඩ්) නොමිලේ දීම වැනි ප්‍රචාරක වැඩත් සමහරු පටන් අරන් කියල කියැවෙනව.. ඒ වගේම තවත් අපි නොසිතූ විදියෙ වරප්‍රසාද උඩරට පළාතෙ විසුරුවා හරිමින් දැන් ලොකු යුද්ධයක් පටන් ගනිමින් ඉන්න බවයි ආරංචි...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00