තමන්ගෙ ඡන්ද ව්‍යාපාරෙට සල්ලි හොයාගන්න එක සමහරුන්ට ප්‍රශ්නයක් වෙලාලු. ධනවත් අයට නම් ඒක සුළු සරල දෙයක්. එකපාරක් එක්තරා අපේක්ෂකයෙක් තමන්ගෙ ඡන්ද ව්‍යාපාරෙට රුපියල් 100 බැගින් එකතු කළා අපට මතකයි.
මේ පාරත් එක්තරා පළාතක ඒ වගේ වැඩක් සිද්ධවෙන්න යනවලු... ඒ දකුණෙ නම් නෙවෙයි උතුරෙ. තමන් කලින් හිටපු උතුරු සන්ධානෙන් වෙන්වෙලා වෙනම පක්ෂයකින් ඡන්දෙ ඉල්ලන මුන්නැහේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි උතුරෙ ප්‍රබල දේශපාලන චරිතයක්.
එයා තමයි හිටපු මහ ඇමැති විගී. විගී ඡන්ද සටනට බැහැලා තමන්ගෙ පළාතෙ ජනතාවට ආයාචනාවක් සිද්ධ කළා...
ඒ ආයාචනාවෙන් කියැවුණේ තමන්ට බලය තිබුණු කාලෙ අයථා ක්‍රම මගින් මුදල් ඉපැයුවේ නැති නිසා තමන් ධනවතෙක් නොවන බවයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාව උදව් කළ යුතු යැයි කියන උන්නැහේ තමන්ගෙ ඡන්ද වියදමට සල්ලි හොයාගන්න සම්මාදමක් පටන් අරන්ලු.
ඒකට තිබෙන ජනතා ප්‍රතිචාර නම් ඒ තරම් පැහැදිලි නැතත් එයා එක්ක අමනාප උතුරු සන්ධානෙ කස්ටිය නම් කියන්නෙ මෙයා උතුරෙ ලොකු ඇමැති කාලෙ ඒ පළාතට වැඩ කරන්න කොළඹින් දුන්න සල්ලි ටික නිකරුණේ වැඩක් නොකර ආපහු භාණ්ඩාගාරෙට යන්න නොදී හරිහමන් වැඩක් කළා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්ද ගන්න තිබුණු බවයි.