මේ දවස්වල මෛත්රීතුමා බරට ඡන්ද වැඩ. උන්නැහේ පුලතිසිපුරේ ඡන්ද සටනට බැහැලා ඉන්නේ කවදාවත් නැතුව පොහොට්ටුවේ කුරහන් පාට ඇඳුමකින් සැරසිලා...
පසුගිය කාලේ එතුමාගේ කැම්පේන්වලට දායක වෙන එතුමගේ පවුලේ සාමාජිකයෝ මුලින් හිටියේ නැතත් දැන් එයාලත් සටනට බැහැලා ඉන්නවා...
ඒත් එක්තරා ප්රබල සිරිසේන කෙනෙක් දකින්න නැතිලු. එයා තමයි මෙච්චර කාලෙකට උන්නැහේගේ කැම්පේන්වල බර ඇද්ද ධනවත්ම සහෝදරයා.
උන්නැහේ සටන් බිමේ පේන්න නැති නිසා මෛත්රීතුමාගේ සමීපතමයෙක් උන්නැහේට කතා කරලා සපෝට් එක ඉල්ලුවා. එතකොට මේ ව්යාපාරික සහෝදරයා එකවරම කිව්වේ මටනම් ඔය කිසිදේකට එන්න බැහැ. ඡන්දෙ දිනුවට පස්සේ අපිව අමතක කරන අයට උදව් කරලා මොකටද කියලලු.
ඒත් ඕන කරන ගෙවීමක් තියෙනවනම් ඒකට උදව්වක් දෙන්නම් කියපු මේ ධනවත් සහෝදරයා වෙනදා වගේ වේදිකා දේශපාලනේට මේ පාර තමන් එහි නැති බව ඉහළට දන්වන්න කියලත් කිව්වලු.