පුත්තලමේ පැත්තේ ඉන්න අලි පාටියේ පොරකගේ බෑණා කෙනෙක් කොළඹින් ඡන්දෙ ඉල්ලනව. එයා ඉල්ලන්නේ දුරකථනයෙන්. අලිපාටියේ ලොකු තැන මාර්ගෙන් ඇවිත් ඉහළටම නැගගත්ත මේ තරැණ හාදයා අලි පාටියට පයින් ගහලා අන්තිමට පුංචිදාස එක්ක ආවා.
ඒ ආපු කෙළෙහි ගුණේට පුංචිදාසත්, අර කොළඹ උස හීන්දෑරි පක්ෂ ලොක්කත් මෙයාට පුදුම විදිහට උදව් කරනවලු. හැමදේකටම වගේ මේ ලොකු දෙන්නා පස්සෙන් ඉන්නවලු. ඒ දෙන්නගේ අරමුණත් මේ උන්නැහේ ඇතුළට ගේන්නලු.
හැබැයි මේක බලන් ඉන්න ඒ පාටියෙම කොළඹ හිටපු මන්තිරි සයිස් කීපදෙනෙක් පොඩි පොඩි කැපිලි ටිකක් දාන්න අරන්ලු. එයාලා මේ අපේක්ෂක තැනගේ කකුලෙනුත් අදිනවලු. මේක පිටිපස්සේ ඉන්නේ ගංවතුර කාලේ කෙසෙල් ගෙඩි ආධාර දුන්න පිංවතෙක් කියලයි ආරංචිය. එයා කියන්නේ ලොක්කට පස්සේ එයා දෙක වෙන්න ඕන කියලා. වෙන අයට දෙක වෙන්න බෑ කියලා. ඒ නිසා මෙයා මහ උන්ට කලින් පොඩි පොඩි නැගීගෙන එන කොල්ලන්ට ටොකු ඇනගෙන යනවලු. ඒ නිසා හැමෝම මෙයා ගැන අවධානයෙන් ඉන්නේ.