2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අතේ රෝලක්

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

අත පාටියෙන් ලැයිස්තුවට නම් කරපු උතුරෙ ආචාර්යතුමා ගැන පසුගිය දවස්වල නොයෙක් නොයෙක් පුවත් මාධ්‍යයෙ පළ වුණා...

උන්නැහේ මෙරට පුරවැසියෙක් නෙවේ... වෙන රටක වැසියෙක්. අරව මේවා කතා ගොඩක් මේ මේ තොරතුරැ අතරෙ තිබුණා...

පස්සෙ අත පාටියෙ ඉහළින් මේ ගැන පොඩි විමසුමක් කරල බැලුවා... කවුද මේ පුවත ප්‍රචාරය කරන්නෙ කියල... ඒකට හේතුව මේ කතාව පදනම් විරහිත අසත්‍ය ප්‍රලාපයක් නිසයි...

කොහොමින් කොහොම හරි කතාව සොයාගෙන සොයාගෙන යනකොට ඒ කතාව නැවතුණේ අත පාටියෙන් ඡන්දෙ ඉල්ලල පැරදුණු කොළඹ දිසාව නියෝජනේ කරන තමන් ක්‍රීඩාවටත් මහ විශාල සේවයක් කළැයි එයා විතරක් කියන කෙනෙක් ළඟ... 

එයා ඡන්දෙ පැරදිලා ඉද්දි මේක කරන්නෙ එයාට දියවන්නාවට එන්නද කියල ඊළඟට කස්ටිය හොයල බැලුවා. එතකොට ආරංචි වුණේ එයා මේ කරන්නෙ අනුන්ගෙ කොන්ත්‍රාත්තුවක් බවයි... 

අත පාටියෙ එක්තරා දාස කෙනෙක් කවුන්සිලේට පංගාර්තු කරන්න මේ පරාජිත පොර ඔය අතේ රෝල නිර්මාණය කළ බවත් ආරංචි වුණා. දැන් ඒක පත්තුවෙලා... එයාට අතෙනුත් පොහොට්ටුවෙනුත් ප්‍රශ්නලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00