මහ ඡන්දෙදි බලාපොරොත්තු වෙච්ච ජයග්රහණය කිට්ටුවටවත් එන්න බැරිවුණු සජිත් පිල අලුත් ගමනක් යන්න තීන්දු කරලලු. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන වැඩකාරයො ටිකක් හොයාගන්නලු දැන් එයාලගෙ උත්සාහය.
ඔය ගැන සජිත් පිලේ ලොක්කො කතා කර කර ඉන්නකොට ඒ වැඩේට ගැලපෙන පොහොට්ටු විරෝධී චරිත ගණනාවක නම් කියැවුණා. ඒත් ඒ කවුරැවත් බැසිල් උන්නැහේගෙ දක්ෂ පක්ෂකම්වලට කිට්ටුවෙන්නවත් බැරි අයලු.
ඉතින් මේ ගැන තවදුරටත් කතා කරමින් ඉන්නකොට සජිත් පිලේ එක්තරා ලොක්කෙක් එකපාරටම කිව්වා... එහෙම නම් අපට මේ වැඩේට ගන්න පුළුවන් අපි එක්ක ඉඳල ගියපු මංගලතුමා විතරයි... අපි එයාට එන්න කියමු. එයා හොඳ සංවිධායකයා. ආණ්ඩුවට රිදෙන්න ගහන හැටිත් දන්නවා... කියල.
ඒක අහපු සජිත් පිලේ ලොක්කො මුකුත් නොකිය මුහුණට මුහුණ බලාගත්තලු. ඒ ප්රතිචාරයෙන් පුදුමයට පත්වුණු යෝජනාව කළ ලොක්කා ඇයි මොකද්ද අප්සෙට් එක... එයා මේකට හොඳ නැත්ද? කියල නැවතත් ප්රශ්න කළා.
ඒ කතාව අහපු පක්ෂයෙ ඉහළම පුටුවක ඉන්න කෙනෙක් &පිස්සුද මෙයා... අපි ඔය ගැන තවදුරටත් කතා නොකර ඉඳිමු... ඔයා දන්නවනේ අපි දිනාගන්න ඕන මේ රටේ බහුතර ඡන්ද... ඒක හින්ද අපි ඔය කතාව අමතක කරමු* කිව්වා.
ඒ සමඟ මංගල ගැන ගෙනා යෝජනාව යට ගියා.