2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

හඬනවා දොඩනවා ඉල්ලනවා

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1047

පුලතිසිපුරේ පැත්තෙ දේශපාලුතුමෙක් තමන්ට ආණ්ඩුවෙන් හම්බවුණු පට්ටම ගැන මාර අප්සෙට් එකේලු ඉන්නෙ. එයාගෙ අප්සෙට් එක එයාගෙ දේශපාලන හිතවතුන් ෆේස්බුකිය හරහාත් පිටකරන්න පටන් අරන්...

එයා මේ තරම් අප්සෙට් වුණේ මහ ඡන්දෙ කාලෙ එයා තමන්ගෙ පළාතෙ ජනතාවට තමන්ගේ අනාගත ඇමැතිකම ගැන පාරම්බාපු නිසයි. &මම ලබන කැබිනට්ටුවෙ අහවල් ඇමැති... ඒ ඇමැතිකම ගත්තම මේවා තමයි කරන්නෙ.. අහවලාට (ඒ පළාතෙ ප්‍රබල දේශපාලනඥයකුගේ නම කියමින්) ඒවා ලැබෙන්නෙ නැහැ කිය කියා උන්නැහේ මාර පබ්ලිසිටියක් ගත්තා... 

ඒත් අනේ දිවුරුම දෙන්න ආවම ලැබුණේ වෙනත් සබ්ජෙක්ට් එකක්... පත්වීමෙ ලියුම දැක්කම එයා ඒකට මාර අප්සෙට් වුණා. රණකාමී සිංහයෙක් වගේ හිටපු එයාට ලැබෙන්න තිබුණු අර ඇමැතිකම ඒ පළාතෙම බොහොම නියුට්‍රල් දේශපාලුතුමකුට දීලා. මෙයාට බාරදීල තිබුණෙ වෙන වැඩක්... මේ ගැන අපේ දේශපාලුතුමාට දුකයි.. කේන්තියි.

කොහොම හරි එයා මේක ගැන මල පැනල ඉන්නකොට ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වුණේ එයාගේ නෝනා මහත්මිය...

එතුමිය මොකද කළේ... තමනුත් තමන්ගෙ දරුවනුත් එක්ක රටේ දෙවැනි මහත්තයා වගේම පොහොට්ටුවෙ ලොකු මහත්තයා හමුවෙන්න ආවා. ඇවිල්ල උන්නැහේට දුක කියමින් හඬන්න දොඩන්න ගත්තා.

මේ සංවේදී කතාව දෙවැනි මහත්තයා සාවධානව අහන් හිටියා... හැබැයි දුන්න පත්වීමෙ නම් දැන් වෙනසක් කරන්න බැහැ කියලයි උත්තරේ හම්බවුණේ... ඕන නම් රටේ ලොකු මහත්තයටත් කියල බලන්න කිව්වා. ඒ උත්තරේ දුන්නා විතරයි අර නෝනයි දරුවොයි යන්න ගියා.