ආණ්ඩුවෙ එක්තරා රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් කොළඹ ඉබ්බො ගැන කියැවෙන හන්දියක තියෙන අමාත්‍යංශයක වැඩ බාරගන්න ආවා...
ඈත පළාතකින් ආපු ඇමැතිතුමා රට පිළිගත් හොඳ මහත්මයෙක්. උන්නැහේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් චෝදනා එහෙම තියෙන කෙනෙක් නෙවෙයි. උන්නැහේ වැඩ බාරගන්න සුබ මොහොතට උන්නැහේගෙ වටේ දේශපාලනේ කරපු අයයි වෙන්ඩ ඉන්න ලේකම්වරු කස්ටියකුයි ආවා...
මුල ඉඳලම මේ වෙන්ඩ ඉන්න ලේකම්වර හිටියෙ හරිම කලබලේකින්... එයාලගෙන් සමහරෙක් ඔය විෂය බාරව කලින් හිටපු ඇමැති කෙනෙක් ළඟ සේවය කරලා. උන්නැහේට පට්ටමක් නැතිවෙන තැනට වැඩ කළ පිරිසක් බව දන්නෙ ටික දෙනයි... සක් පිඹල බෙර ගහල ඇමැතිතුමා පිළිගන්න මේ ආවතේවකාරයන්ට වුවමනා වුණත් චාම් ඇමැතිතුමාට නම් ඒ ගැන කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ...
කොහොම හරි මේ රාජ්‍ය ඇමැති තැන වැඩ බාරගත්ත ගමන් කලබලෙන් උන්න ලේකම්වරු එතන හිටපු ඉහළ පෙළේ නිලධාරින් හමුවෙලා විවිධ ප්‍රශ්න අහන්න ගත්තා. තමන් අමාත්‍යංශයෙ ටෙන්ඩර් ලබාදෙන විදිහ.. කොන්ත්‍රාත්තු පවරන විදිය.. ඉඩකඩම් පවරන විදිය වගේ දේවල් ගැන මේ ලේකම්වරු දිගින් දිගටම අහන්න ගත්තලු... මේක වාතයක් වෙන තරමට වැඩේ නැගල ගියා... ඊටපස්සෙ සමහරු ඒ අමාත්‍යංශයෙ කන්තෝරැවලටත් ගිහිල්ල ටෙන්ඩර් - කොන්ත්‍රාත් ගැනමලු ඇහුවෙ. හැබැයි ඒ ඇමැති තැන මේ මුකුත් දන්නෙ නැහැ. නමුත් උන්නැහේ වැඩ බාරගත්ත ගමන් ගෝලයො මේ විදියට හැසිරෙනවා නම් දේශපාලනයේ හොඳ නිපුණයෙක් වන මේ ඇමැතිතුමාට ඉදිරියේදි කරදර වැස්සකට මුහුණ දෙන්න වෙන බව නම් කියන්නම ඕනෑ. රටේ ලොකු සරැත් මේ වගේ වැඩ ගැන හුඟක් සැරට ඉන්න නිසා ඇමැතිතුමා මේ හැත්ත බුරැත්තගෙන් පරිස්සම් නොවුණොත් අපට කියන්න වෙන්නෙ අබ සරණයි කියලයි.