අලි පාටියයි දුරකථන පාටියයි එකතු කරන්න මේ දවස්වල තිරෙන් පිටුපස ඉන්න පළා බබාලා ටිකක් ලෑස්ති වෙනවා. මේ වැඩේ කරන්නේ පක්ෂයට ආදරය නිසා නෙවෙයි, එයාලට ආදරේට කියලයි ආරංචිය. මොකද පළා සභා ඡන්දයත් ඊළඟට එන නිසා එදාටත් වෙනම ඉල්ලුවොත් අලි පාටියේ ගොඩක් අයට පරාද වෙන්න වෙන නිසා කියලයි ආරංචිය. මේ නිසා අලි පාටියේ පළා සභා හීන දකින ඇත්තෝ ටිකක් දුරකථන පාටියේ දෙවැනි පෙළේ මහත්තුරැ ටිකක් හම්බවෙලා කතා කළාම දුරකථන පාටියේ අයගේ කොළ එළියක් වැටිලා කියලයි ආරංචිය.
කොහොමහරි මේ රහස් කතාව අලි පාටියේ දයාවට බර මහත්තයටයි, කරුණාවට බර මහත්තයටයි ආරංචි වෙලා. ඒක අහලා එයාලට යකා වැහිලලු. මේ නිසා එයාලා දන්න පළා බබාලා කිහිප දෙනෙක්ට අඬගහලා අවවාද කරලලු. ආයේ ගියොත් පක්ෂයෙන් එළවනවා කියලා. මේ නිසා දැන් කිහිප දෙනෙක් වැඩේ මඟ ඇරලා ඉන්නේ. කොහොම වුණත් අනිත් අය නම් තවම බැහැලම වැඩලු.