යහපාලන ආණ්ඩුවෙ හිටපු ඇමැති සයිස් උන්නැහේ කෙනෙක් දියවන්නා කවුන්සිල් ලොබියෙදි ලොකු දේශනයක් දෙමින් හිටියා... උන්නැහේ කවදත් ඒ වගේ දේශන දෙනවා. යහපාලන කාලෙ මේ ආණ්ඩුවෙ ලොක්කන්ට වැලිකඩ ඇඩ්‍රස් හැදුවෙත් මෙයාලම තමයිලු...
මේ ආණ්ඩුව ආවට පස්සෙ වැලිකඩ පැත්තෙත් හිටපු මුන්නැහේ දීර්ඝ වාමාංශික දේශපාලන ඉතිහාසයක් තිබෙන කෙනෙක්... පෙරළිකාරයෙක්...
කොහොම හරි මෙයා එදා දියවන්නාවෙ දේශනේ දෙමින් හිටියෙ නැගෙනහිර පළාතෙන් පත්වූ එක්තරා ප්‍රබල මන්ත්‍රී සයිස් පොරකට... මෙයා කලක් ඒ පළාතෙ පළාත් සභාවෙත් මහ පුටුවක් දැරුවා...
මෙයා ළඟදිම රාජපක්ෂවරැන්ගේ දෑත් ශක්තිමත් කරන්න ආණ්ඩුවට යන කතාවකුත් පැතිරිලා තිබුණු නිසා එයාගෙ ගමන නවත්තන්නයි යහපාලන හිටපු ලොක්කා කතා කළේ. ඔයාල දැන් බලය නැතැයි කියල කලබල වෙන්න එපා. මෙයාලගෙ ආණ්ඩුව තියෙන්නෙ මාස 6යි. අපි එයින් එහාට යන්න දෙන්නෙ නැහැ... ඒ නිසා යන්න තියා හිතන්නවත් එපා* කියල මෙයා නැගෙනහිර ලොක්කට උපදෙස් නිකුත් කළාලු.
ඒක අහන් හිටපු නැගෙනහිර ලොක්කා හොඳයි බලමු කියල යන්න ගියා. ඡන්දෙ කාලෙ මෙයාලා ආණ්ඩු බලය ගැන අල්ලෙ මවලා තියපු කතා සිහි කර කර ගිය නැගෙනහිර ලොක්කගෙ කටින්ම මේ කතාව ආණ්ඩුවෙ ඉහළ තැන්වලට කාන්දු වුණා.