හන්තාන පැත්තේ ඉඩමක් සුද්ද බුද්ද කළැයි කියලා දුරකථන පාටියේ ඉන්න උඩරට ලොක්කෙකුට මේ දවස්වල පරිසර කස්ටිය ගහනවා. පරිසරවේදියෝ කියන්නේ රක්ෂිතය සුද්ද කළා කියලා අනවසරයෙන්. එයා කියන්නේ එයාගේ ඉඩම නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියල. කොහොමහරි පරිසර අධිකාරියෙන් නඩුවකුත් දාන්නයි ලෑස්තිය කියලා දැන් එළිපිට කියලා තියෙන්නේ.
මේක ආරංචි වුණ ගමන් ඒ බලවතා රටේ දෙවැනි තැන හම්බෙලා පොටෝ පෙන්නලා එයාට අසාධාරණයක් කරන්නේ කියලා කිව්වලු. ඒ විතරක් නෙමෙයි මේක තමන්ට හිමි ඉඩමක් කියලත් කිව්වලු. හිනාවකුත් දාලා මෙයා කිව්වලු &සර් මම කැපුවේ ගස් නෙමෙයි තණකොළ, ඒ නිසා නඩුදාන්න එපා කියලා. මේ ගැන එයා කියපු කතා අහලා කියන්නේ රටේ දෙවැනි තැන ළඟට යනකොට ලොකු ගස් තණකොළ උන හැටි ගැන එතන හිටිය කට්ටියටම හිනා ගියාලු.