තවත් මාසෙකින් දෙකකින් “පළා බබා” ඡන්දෙ තියෙනවලු. පළා බබාලා තෝරගන්න ඡන්දෙ ලබන අවුරුද්දේ මුල් මාස දෙක තුන ඇතුළේ කියලා ඉවර කරන්න තමයි ආණ්ඩුවේ ප්ලෑන...
මේ ආරංචිය පැතිරුණා විතරයි අලුත් චරිත ගණනාවක් දැන් මේ ඡන්ද සටනට එන්න ලෑස්ති වෙමින් ඉන්න බවයි ආරංචි... මෙයින් අලුත්ම තොරතුරු අපට වාර්තා වෙන්නේ උඩරට පළාතෙන්..
මේ එන්න යනවය කියන අලුත් චරිත සේරම දැනුවත් දේශපාලනයේ කරන පවුල්වලට සම්බන්ධ උදවිය බවත් ආරංචියි..
කතාවට දක්ෂ උඩරට පළාතේ රැවුල්කාර දේශපාලන බලවතෙක්ගේ පුතෙක් මේ සටනේ ඉදිරියෙන්ම ඉන්නවලු...
ඊළඟට විපක්ෂය ඒ කියන්නේ ටැලිෆෝනය නියෝජනය කරන ලොකු මහත්තයෙක්ගේ රුවැති ඒ වගේම ප්රකට දියණියක්ද මේ සටනට එන්න යනවලු...
ඊළඟට ආරංචිය එන්නේ වතුකරෙන් වතුකරේට රජුන් තැනූ පවුලේ දියණියක් පොහොට්ටුවෙන් සටනට එනවලු. එයාගේ සහෝදරයන් දැනට දියවන්නා කවුන්සිලේ ඉන්නවා...
ඔන්න ඔහොමයි උඩරට උදවිය පළා බබා සටනට සූදානම් වෙන්නේ. ආණ්ඩුව පැත්තෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ මේ පාර පළා බබා සටනට වැඩිපුරම දාන්න යන්නේ අලුත්ම චරිත බවයි. ඒ අතරේ මහ ඡන්දෙන් දියවන්නාවට තල්ලුවෙන්න බැරිවුණ අය කිහිපදෙනෙකුත් ඉන්න බව ආරංචියි.