2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ලොකු දොස්තර මහත්තයට මොකද කළේ?

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1017

කොරෝනා පළමු රැල්ල ආපු කාලේ ඒකෙන් රට බේරගන්න නියමෙට වැඩ කරපු සෞඛ්‍ය අංශයේ ලොකු දොස්තර මහත්තයා ගැන දැන් තැන තැන කතාවෙනවා.

උන්නැහේ සෞඛ්‍ය අංශෙ ඉඳලා වෙනත් විෂයක් භාර අමාත්‍යංශයක මහ ලියන මහත්තයා හැටියට පත්වෙලා නිසා මේ දවස්වල පේන්න නැහැ.

මේ ගැන අර්ථකතන දෙන ආණ්ඩුවෙත් විපක්ෂයෙත් සමහරු කියන්නේ ඇතුළේ තිබුණ කැපිල්ලක් නිසා උන්නැහේට සෞඛ්‍ය අංශෙන් ප්‍රමෝෂන් දීලා ඉවත් කළා කියලයි. ඒත් ඒකට සැබෑ හේතුවක් කියන්න කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
කොහොමහරි ආණ්ඩුවෙම ඉහළ පෙළේ දේශපාලන කස්ටියක් මේ ලොකු දොස්තර මහත්තයට වුණ දේ ගැන කරුණු කාරණා සොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවේ ඉහළම නිලයක් දරණ උන්නැහේ කෙනකුගෙන් මේ ප්‍රශ්නය කලින්ම ඇහුවා...
කොරෝනා පළමු රැල්ලෙන් රට බේරගන්න දිවා රාත්‍රී මහන්සි වුණ (සිංහයෙක්) වගේ මේ අභියෝගයට මුහුණ දුන්න දොස්තර මහත්තයට මොකද එහෙම කළේ කියන එකයි එයාලගෙ ප්‍රශ්නය වුණේ.

ආණ්ඩුවේ නිලමෙගෙන් මේ ප්‍රශ්නය ඇහුවම කට කොනකින් හිනාවුණ ඒ නිලමේ තමන් ළඟ තිබුණ ලිපි ගොනුවකින් ලිපියක් අරන් ප්‍රශ්නය මතු කළ අයට බලන්න දුන්නා... ඊළඟට තමන්ගේ දුරකථනයට ආපු එස්.එම්.එස්. පණිවුඩ ගණනාවකුත් පෙන්නුවා. ඒවා බලපු ආණ්ඩුවේ මැති ඇමැති කස්ටියට කතාව තේරුණා. ඒ ලියුමෙත් දුරකතන පණිවුඩවලත් තිබුණේ උන්නැහේ ඊළඟ උසස් වීම ලබාගෙන යන්න කැමතියි. ඒක කොහොමහරි ඉටුකර දෙන්න කියලයි... හැබැයි ඒ කතාව එදා හෙළිදරව් කරනතුරැ කවුරැවත් දන්නේ නැහැ.

ඒ අනුව ලොකු දොස්තර මහත්තයා අලුත් පදවියට පත්වුණේ උන්නැහේගෙම ඉල්ලීම අනුව බව ආණ්ඩුවේ ඉහළ නිලමේ සාක්ෂි සහිතව පෙන්නුවම ප්‍රශ්න මතු කළ උදවිය නිහඬව යන්න ගියා...

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00