2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ගණන් ඉස්සිල්ල

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1014

විස්සට ඡන්දෙ විමසන දවසෙ සමහර මැති ඇමැති ගොල්ල හැසිරුණේ හරියට ළමයි වගේලු.

ආණ්ඩුවෙ ඉන්න අලුතෙන්ම පත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීතුමෙක් ඡන්දෙට ඔන්න මෙන්න කියල තියෙද්දි ලොකු ගෝරියක් ඇද්ද. ඒකට හේතුව උන්නැහේට කතා කරන්න දුන්න වෙලාව මදිය කියලයි.

හැම මන්ත්‍රීටම විනාඩි 10ක් දෙද්දී උන්නැහේට විනාඩි 12ක් දීලත් ඒක මදිය කියලයි ගෝරියක් දැම්මෙ. ඒ ගෝරිය දැම්මෙ ආණ්ඩු පක්ෂයේ මහ සංවිධායක ජොනීටලු.... මගේ කතාව කරන්න වෙලාව නුදුන්න නිසා මම ඕකට ඡන්දෙ දෙන්නෙ නැහැ කියපු මන්ත්‍රීතුමා සභාවෙන් පිටවෙලා පුස්තකාලෙට ගිහින් වාඩිවෙලා හිටියෙ ගණන් උස්සල.

ඒ පාර සංවිධායක ජොනී මේ බව රටේ දෙවැනි මහත්තයට පැමිණිලි කළා...

“ආ... එයාට වෙලාව මදිවුණ නිසා ඡන්දෙ දෙන්නෙ නැත්ද? ආ එහෙනම් එයාට එහෙමම ඉන්න කියන්න... අපිට ඡන්ද තියෙනව.” දෙවැනි මහත්තය ජොනීට කිව්ව...

ඒ පාර ජොනී ටාර් ගාල පුස්තකාලෙට ගිහිල්ල “ඔයාට ඡන්දෙ දෙන්න බැරිනම් ඒක තියාගන්න... අපිට ඔයා ඕන නැහැ...” කියල ආපහු දුවල ආව.

තමන්ගෙ ගණන් ඉස්සිල්ලෙන් වැඩක් නොවන බව දැනගත්ත මන්තිරිතුමා ඊට පස්සෙ හෙමින්ම ඇවිල්ල 20ට පක්ෂව ඡන්දෙ දුන්න.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00