2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

හොම්බට ඇනීම

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1307

දේශපාලනයේ සදාකාලික සතුරොත් නැතිලු - මිතුරොත් නැතිලු....

කොහොම නමුත් පසුගිය කාලෙ මේ ආණ්ඩුව එක්ක මාර තරහකින් හිටපු දියවන්නා කවුන්සිලේ ඉන්න එක්තරා (මාර්ෂල්) කෙනෙක් දැන් ටිකක් මැද මාවතකට ඇවිල්ල කියල ආරංචි වෙනව....

මේකෙ අලුත්ම කතාව තමයි පසුගියදාක උන්නැහේ මැතිසබා ලොබියේදී කළ සතර කන් මන්ත්‍රණය.

ඒ කතාබහ සිද්ධ වුණේ 20 ඡන්දෙට කලින් දවසෙ පොහොට්ටුවෙ කැටෙයි... පංචායුධයි ගෝරියකට පැටළුණු දවසෙ හවස කිව්වොත් හරියටම හරි...

ඉතින් (මාර්ෂල්) තැන එක්ක මේ කතාවට සැට්වෙලා හිටියෙ එදා උදේ ගෝරියට ගිය (කැට) මන්තිරිතුමාලු.

සාමාන්‍යයෙන් මේ දෙන්නා යාලුවො නොවුණත් හදිසියෙම (මාර්ෂල්) තැන කැටෙත් එක්ක කරපු කතාව රස රහසක් කියලයි අපිට ආරංචි...

කොහොමහරි කතාව ඉවරවුණේ හොම්බට අනින කතාවකින් කියලත් ආරංචියි...

හැබැයි කාට කවුරු කවදා කොහොම හොම්බට අනිනවද කියල කියන්න අපි දන්නෙ නැහැ. ඒක දන්නෙ “කැටෙත්” “මාර්ෂ”ලුත් විතරයි.

කොහොම හරි “මාර්ෂල්” තැන කැටේට දුන්න මේ උපදෙස් අහපු “කැටේ” හිනාවෙවී යන්න ගියාලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00