2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොළඹින් නුවරට

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 755

ගිය මහ ඡන්දෙදි ටෙලිෆෝන් එකෙන් කොළඹට ඡන්දය ඉල්ලපු තරුණ දේශපාලුතුමෙක් ඉන්නව....

උන්නැහේ මෙයට කලින් සෑම ඡන්දෙකදිම ඉහළින්ම දිනුවත් මේ පාර ඒ වාසනාව පෑදුණේ නැහැ...
මේ පාර එයා දියවන්නාවට සලුවුණේ නැතුව පැත්තකට විසිවුණා.

ඒක නිසා සේනාවකට අණ දෙන්න පුළුවන් සිංහයෙක් වගේ හිටපු මෙතුමාට දේශපාලනේ කලකිරිල තමන් දේශපාලනෙන් සමුගන්න බවත් ප්‍රකාශ කළා... තමන්ගේ උසස් අධ්‍යාපනය විවාහය වගේ හුඟක් දේවල්වලට දේශපාලනේ හරස්වුණ බවත් කිව්ව...

ඒ කොහොම කිව්වත් උන්නැහේ ටැලිෆෝන් පක්ෂය එක්ක දිගටම හිටිය....

ඔන්න ළඟදි ඒ පක්ෂය නව ව්‍යවස්ථාවක් සම්මත කරල අලුතෙන් ආසනවලට සංවිධායකයො දාන්න යනකොට එදා දේශපාලනෙන් සමුගන්නවය කිව්ව මුන්නැහේට ආයෙමත් ඡන්ද කොරන්න ආසා හිතිල එයාටත් ආසනයක් ඉල්ලුවලු. හැබැයි ඒ කොළඹින් නෙවෙයි නුවරින් කියලයි ආරංචි. උන්නැහේට නුවර පැත්තෙ ලොකු සම්බන්ධයක් තියෙන නිසා එයා මේ විදියට නුවර යන්න හිතුවලු...

ඒ අනුව එයා ලබන ඡන්දෙට නුවරින් එන්නලු යන්නෙ. ඒත් ඒකටත් නුවර පැත්තෙ සමහර ජ්‍යෙෂ්ඨයොන්ගෙ සතුටක් නැති බවත් ආරංචියි...