අලි පාටිය පොඩ්ඩ පොඩ්ඩ හදාගෙනලු එන්නේ. අලුත් මිනිස්සුන්ට තැන දීලා අලුත් විදිහට හදාගෙන එන්න හදනකොටම පරණ එක්කෙනෙක් ලොකු තනතුරක් හොය හොයා යනවලු. පක්ෂය ඇතුළේ. මෙයා පරණ වුණාට කවදාවත් පක්ෂයේ ලොකු තනතුර නොදරපු නිසා මෙයා මේ පාර ට්‍රයි එකක් දෙනවලු ලොකු තනතුරක් ගන්න.
එයාගේ පළවෙනි එක මිස්වුණාලු මේ ළඟදී. ඒ මහ ලේකම්කම. දැන් නියෝජ්‍ය නායක උපනායක වගේ එකක් අඩුම තරමේ පක්ෂයේ සභාපතිකමවත් මෙයා දැන් බලාපොරොත්තු වෙනවා කියලයි ආරංචිය. පක්ෂයේ කිසිම කෙනෙක් කැමති නෑලු.
ආහ් කියන්න බැරිවුණානේ කවුද මෙයා කියලා. මෙයා ගාල්ලේ පැත්තේ කෙනෙක්. කාලයක් දකුණ සංවර්ධනය කරන්නත් දාලා හිටියා. හොඳට දේශපාලන සෙල්ලම් දාන්න දන්න කෙනෙක්. හැබැයි මොන දේ වුණත් මෙයාට ඒ තනතුර දෙන්න එපා කියල ලොකු පිරිසක් කියනවලු.