රට විරුවො භාරව ඉන්නෙ රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක්.... උන්නැහේගෙ කැබිනට් වැඩ සිද්ධ වෙන්නෙ වැඩකරන පංතිය භාර ඇමැති කන්තෝරුවෙන්....
මේකෙ කැබිනට් පට්ටම දරන්නෙ නිර්මල දේශපාලනයක් ගැන නම්දැරු මහත්තයෙක් රාජ්‍ය මට්ටමේ පට්ටම දරන්නෙ බොහොම ප්‍රියංකර දේශපාලන භවතෙක්... මේ දෙන්නම ජ්‍යෙෂ්ඨයො....
ඇමැති මට්ටමේ කටයුතුවලදී දෙන්න ඉතා හොඳින් කටයුතු කළත් රාජ්‍ය මට්ටමේ ඇමැති තැනගෙ ඉල්ලීම් රාජකාරි කැබිනට් මට්ටමේ ලේකම් කන්තෝරුවෙන් හරියට වෙන්නෙ නැහැ... කියල රාජ්‍ය මට්ටමේ ලොක්ක ලොකු කොක්කක ඉන්නෙ....
ඉතින් මේ අලු යට ගින්න තියෙද්දී අමාත්‍යංශයෙ අයවැය විවාද ගැන ඉහළ මට්ටමේ සාකච්ඡාවක් තිබුණ...
විෂය භාර කැබිනට් ඇමැතිත්, රාජ්‍ය ඇමැතිත් ඈපා, මාපා, යාපා ආදී ලේකම්වරුත් සභාපතිවරුත් මේකට ඇවිත් හිටිය....
ඔන්න වැඩේ පටන් අරන් සාකච්ඡාවට යනකොට කරපු වැඩ ගැන කතාබහක් ඇතිවුණා. ඒ ගැන අදහස්වලට වඩා හුවමාරු වුණේ උදහස්.... රාජ්‍ය මට්ටමේ ඇමැති තැන තමන් පසුගිය කාලෙ කැබිනට් කන්තෝරැවට එවූ කිසිම වැඩක් ලේකම් තැන ඉටුකළේ නැහැ කියල චෝදනා කළා. ඒ පාර ලේකම් තැන ඒකට උත්තර බඳින්න ගියා.
රාජ්‍ය මට්ටමේ ලොක්කට අසූහාර දාහට නැග්ග. එතෙක් කතාකළ සභ්‍ය භාෂාව අමු තිත්ත කතාවට හැරුණා. විනාඩි ගණනක් එක දිගට දැඩි කෝපයෙන් ලේකම් තැනට බැණගෙන බැණගෙන ගියා... ලේකම් තැනත් කැබිනට් ලොක්කත් එනපොට හොඳ නැති නිසා (මීක්) කියන සද්දයක් නැතුව මේ ශබ්ද පූජාව වැළැඳුවා...
අන්තිමට රාජ්‍ය මට්ටමේ ලොක්ක කෝපයෙන් පුපුරමින් වෙව්ලමින් අන්තිමේදී “තවදුරටත් මේ විදියට වැඩකළොත් උඹ කජු ලෙල්ලක් වගේ පාගල චප්ප කරල දානවා...” කියල ගෝරනාඩුව නතර කළ බවයි ආරංචි.