කුස්සියට අත්‍යවශ්‍යම දෙයක් නිපදවන ආණ්ඩුවෙ සංස්ථාවක් තියෙනව... ඒකෙ සභාපතිකමේ ඉන්නෙ ‘සඳ’ වගේ බබළන පොරක්...
ඉතින් මුන්නැහේ පත්වෙලා දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වුණත් සංස්ථාව තියෙන්නෙ එකම තැනලු...
උන්නැහේ මේකෙ මහ පුටුවෙ ඉඳන් කරන කියන දේවල් නිසා සංස්ථාවට විතරක් නෙවෙයි ආණ්ඩුවටත් ප්‍රශ්න ඇතිවෙලා කියලයි තතු දත් අය කියන්නෙ. හුඟක් බිස්නස් තියෙන ලාබෙටම තමන්ගේ නිෂ්පාදනේ හදන මේ සංස්ථාවට පොල් අතු මිලදී ගැනීමත් සමහරු ජාවාරමක් කරගෙනලු...
ඈත පළාතක මුහුදුකරේ තියෙන මේ සංස්ථාව ආණ්ඩුවට “ලණු” දෙන සංස්ථාවක් බවට පත්වෙලා කියලත් එතන සේවකයො කියනව.
මේක පාලනේ කරන්න සභාපතිල අධ්‍යක්ෂකල හිටියත් ආණ්ඩුවෙ මහ තැන්වලට සම්බන්ධ පාලන මණ්ඩලේකින් ඒ කටයුතු ගැන ලොකු විමර්ශනයක් ඊයෙ පෙරේද කරල තිබ්බ...
ඒකෙදි මේ ආණ්ඩුවට “ලණු” දෙන සංස්ථාවෙ ලොක්කා ගැන සොයාගත් කතා කියන්නත් හිරිකිතයි කියල වගකිව යුතු තැන්වලට වාර්තා වෙලා.
අන්තිමේදි බැරිම තැන මේ ගැන පළාතෙ මැති ඇමැති කස්ටියගෙන් ඇහුවම එයාලත් මේ ලොක්කගෙ හුටපට ගැන කියලලු. කොහොම හරි දැන් මේ කතාව රටේ ලොකුම කන්තෝරුවෙ මේසෙ උඩ තියෙන බවයි ආරංචි...