සාමාන්‍යයෙන් රටේ ලොකුම පුටුව දරන උදවිය අනුගමනය කරන විශේෂ සිරිත් විරිත් තිබෙනව...
හුඟක් වෙලාවට ඒවයේ නායකයො ගමන් බිමන් යනකොට මුදල් ගනුදෙනු කරන්නෙ නැහැ. අඩුම තරමින් මුදල් පසුම්බියක් (පර්ස් එකක්) අරන් යන්නෙත් නැහැ.
පසුගිය කාලෙ අපේ රටේ ඉහළම පුටුවක හිටපු කෙනෙක් කතරගම දේවාලෙට දෙවියන් වඳින්න ගියා. ඒත් පඬුරු දාන්න එයා අතේ සල්ලි තිබුණෙ නැහැ. මොකද උන්නැහේ (පර්ස්) එකක් පාවිච්චි නොකරන නිසා...
ඒ වුණත් පූජාවට පෙර පඬුරු දැමිය යුතු වුණා... ඉතින් මේ නායකය අතේ සල්ලි නැතුව වටපිට බලනකොට ළඟ හිටියෙ එයාගෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරිය. ඊටපස්සෙ එයාගෙන් ණයට පොඩි මුදලක් අරන් දේවාලෙට පඬුරු දැම්ම...
ඒක ටිකක් පරණ කතාවක්. නමුත් ඊට වඩා වෙනස් දෙයක් ඊයෙ පෙරේදා සිද්ධ වුණා. රටේ දැන් ඉන්න ලොකු මහත්තයා ගම සමඟ පිළිසඳරට වයඹ පළාතෙ ගමකට ගියා... රැස්වීමට කළින් ජනතාව හමුවී සුහද කතාබහක් කරමින් සිටියදී පාසල් යන පුංචි දැරියක් එයා ලියාපු පොතක් ලොකු මහත්තයට දුන්න. එයා ඒක දුන්නෙ තෑග්ගක් හැටියටයි. යමෙක් තෑග්ගක් දුන්නම ඒකට ප්‍රතිඋපකාරයක් කරන්න හිතපු ලොකු මහත්තයා... කීයද මේ පොත කියල දැරියගෙන් ඇහුව... දැරිය මුකුත් නොකියා හිනාවුණා...
ඊටපස්සෙ කවුරුත් අපේක්ෂා නොකළ අන්දමට සාක්කුවට අතදාල පර්ස් එක අතට ගත්ත ගමන් මෙහෙම කිව්ව. “බලමු සල්ලි කීයද කියල. අපිට පොඩි පඩියක්නෙ පුතා හම්බුවෙන්නෙ...” කියලා කියමින් පර්ස් එක ඇරලා ඒකෙ තිබුණ මුදලින් රුපියල් පන්දාහක මුදලක් අර දැරියට තෑගි කළා...
මේ රටේ හුඟක් රාජ්‍ය නායකයො පර්ස් එකක් පාවිච්චි නොකළට මෙතුමා පර්ස් එකක් පාවිච්චි කරන නිසයි දැරියට ඒ තෑග්ග ලැබුණෙ.