ටැලිෆෝන් පාටියෙ තිරය පිටිපස්සේ ගෝරි දෙකක් යනවය කියල ආරංචියි....
එයින් එකක් පක්ෂයේ ඉහළම තනතුරක් සම්බන්ධවයි... කොළඹට කිට්ටු දිස්ත්‍රික්කයකින් පත්වුණ කටකාර, ඒ වගේම කට නිසාම අමාරුවෙ වැටුණ උන්නැහේ කෙනෙක් මේ ඉහළම තනතුර බලාපොරොත්තු වුණාලු...
ඒ වුණාට පක්ෂයේ ඉහළ තැන්වලින් එයාගෙ නම කැපිලා ගෝඨාභයට විකල්පයක් වෙන්න පුළුවන් ගම්පහ පැත්තෙ එක්තරා වීරයෙකුට මේ තනතුර දුන්නා. ඒකට කිසිදා පරාජිත නොවන අහවලා ඉන්නෙ හරිම අසතුටින්ලු... ඒ ගැන එයා තැන තැන තමන්ගෙ කනස්සල්ල පළකරමින් යනවා.
ඊළඟ සටන මනාප හටනක්. ඒකත් ගම්පහට ඈඳුණු මනාප සටනක්ලු.... බදුලු පැත්තෙන් ගම්පහට පොරක් එන්න යනවා... උන්නැහේ එන්න යන්නෙ දැන් මහඋළුගෙදර ඉන්න නළු මන්ත්‍රීතුමා වෙනුවටයි. නමුත් ගම්පහින් වැඩිම මනාප ගත්ත හමුදා වීරය ඒකට සතුටු නැහැල්ලු. දැන් දෙන්න අතරෙ ඒකට වාග් සටන් පවා පටන් අරන් කියලයි ආරංචියි. දැන් ටැලිෆෝන් පක්ෂයේ ඉහළම පුටුවක වාඩිවෙලා ඉන්න වැඩිම මනාපලාභියා බදුලු පුත්‍රයට වලි අදින නිසා උන්නැහේගෙ පත්වීමත් කොරවෙලා ගිහිල්ල කියලයි තතු දත් අය කියන්නෙ....