2021 මාර්තු 20 වන සෙනසුරාදා

විත්තියට භාරදුන්න පැමිණිල්ල

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 759

පසුගිය දවසක ආණ්ඩුවෙ මන්ත්‍රී සයිස් මහත්තයෙක් රටේ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වෙන් පැවැත්වුණ රැස්වීමකදී අපූරු පැමිණිල්ලක් කළා....

ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සහ රජය පවරන වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන් ගැන විෂය භාර අමාත්‍යංශයට පැමිණිලි කරන්න කියල කියන නිසා කෑගල්ල පැත්තෙ මන්ත්‍රී කෙනෙක් ඒ වගේ පැමිණිල්ලක් ගෙනැල්ලා....

ඒ පැමිණිල්ල උන්නැහේ ගෙනැල්ලා තිබුණෙ පළාතෙ ඉන්න එක්තරා ප්‍රා.ලේ. නැත්නම් උප දිසාපති සයිස් මහත්තයෙක් සම්බන්ධවයි.

පැමිණිල්ලෙන් කියැවුණේ එයා ආණ්ඩුවෙ වැඩ බකල් කරනව කියලයි. ඒ නිසා වහාම එයා එතැනින් යවන්න කියලත් මන්ත්‍රීතුමා ඉල්ලලා තිබ්බා....

උන්නැහේ තමන්ගෙ පැමිණිල්ල ඉදිරිපත් කරල තිබුණේ දිසාපතිල භාර අමාත්‍යංශයේ ලේකම් තැනටලු.

ලේකම් තැන වහාම ඒක තමන්ගෙ අතිරේක ලේකම්ට ඇරිය පරීක්ෂණය කරන්න කියල.... ඊට පස්සෙ අතිරේක ලේකම් මොකද දන්නවද කළේ. කෑගලු පළාතෙ මහ දිසාපතිට ඇරිය මේකට පියවර ගන්න කියලා...

මහ දිසාපති තැන ළඟට පැමිණිල්ල ආවම උන්නැහෙත් ඒකට අස්සනක් දාලා තවත් කෙනෙකුට ඇරියා.... ඒ ඇරියෙ වෙන කාටවත් නෙවෙයි. ඒ චෝදනාවට ලක්වෙච්ච උප දිසාපති තැනටමලු.

දැන් ඒ චූදිතය මන්ත්‍රීතුමාගෙ පැමිණිල්ල තමන් අතේ තියාගෙන මන්ත්‍රීතුමාට “ජෝ වඩවනව කියන එකයි” මන්ත්‍රීතුමා නැවතත් කළ පැමිණිල්ල වුණේ.... ඒ පැමිණිල්ල කරන ගමන් විෂයභාර අමාත්‍යංශයෙ වගකිවයුතු කස්ටියගෙ පතුරු අරින්නත් එයා අමතක කළේ නැහැ. එයා එහෙම කියනකොට තවත් සෑහෙන මන්ත්‍රී පිරිසක් උන්නැහේට සපෝට් කිරීමත් විශේෂ දෙයක්...

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00