2021 මාර්තු 20 වන සෙනසුරාදා

ගිනිකෙළි සමථයකට

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 846

ආණ්ඩුවෙ පක්ෂ නායකයො රටේ ලොකුම මහත්තරුන්ගෙ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණා. රැස්වීම පටන් ගන්න කලින් ආරංචි වුණේ මේ පක්ෂනායක හමුව විශේෂයෙන් කැඳවන්නෙ ආණ්ඩුවෙ ඉන්න කට්ට බ්‍රේක් නැති පංචායුධට වැඩක් සැට් කරන්න කියලයි. ඒ නිසා අද දේශපාලන ෆයර් වර්ක්ස් (ගිනිකෙළි) කියමින් රැස්වීමට ඒ කවුරුත් සහභාගි වුණා....

රැස්වීම පටන් ගත්තම හැමෝම බලන් හිටියෙ දැන් පිපිරෙයි දැන් පිපිරෙයි කියලයි. ඒත් රැස්වීම පටන් අරන් ටිකකින් ගිනිකෙළිවලට නම් දැරූ කෙනෙක් බොහොම (ප්‍රසන්න) කතාවක් කරමින් කාගෙ කාගෙත් වැරදි හදාගන්න ඕන කියලා සමථ කරන කතාවක් දැම්මා...

රටේ ඉහළම උදවියගෙනුත් ඒකට තල්ලුවක් ලැබුණලු. අන්තිමේදී කිසිම ගිනිකෙළියක් නැතුව ගෙයි ගින්දර පිටට නොදීමේ එකඟතාවකට ඇවිල්ලා සභාතොමෝ සතුටින් විසර ගියාලු.

හැබැයි එදා ගිනිගන්න ගිය රැස්වීමෙ ගින්දර කාටත් හොරෙන් නිවලා දැම්මෙ ආණ්ඩුවෙ ඉන්න කාටත් වඩා මහ පොළොවෙ දේශපාලනය දන්න නායකයා විසින් බව හුඟ දෙනෙක් තවම දන්නෙ නැතිලු....

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00