රටේ වැඩ කරන ජනතාව ගැන බලන ඇමැති අංශයත් තිබෙනවා... එයාලා නිතරම කියන්නෙ අපි වැඩ කරන ජනතාවගෙ සැප දුක බලලා පිහිට වෙන්න තමයි ඉන්නෙ කියලා...
ඉතින් මේ ඇමැති අංශෙන් පසුගියදාක ලොකුවට අණ බෙර ගහල නිවේදනයක් නිකුත් කළා... කොරෝනා නිසා යමකුගෙ රස්සාවක් නැතිවුණා නම් ඒකට පිහිට වෙන්න එයාල සූදානම් කියලා...
කොරෝනාවෙන් එහෙම විපතට පත්වූ අය ඉන්නව නම් වහාම මෙන්න මේ දුරකතන අංකයට දැනුම් දෙන්න කියල අංකයකුත් ඒ දැන්වීමේ පළ කළාලු...
ඉතින් ඒ විදියට මේ ලෙඩේ නිසා රස්සාවල් අහිමි වූ උදවිය සතුටට පත්වෙලා අර කියාපු දුරකතන අංකයට හිටු කියලා ඇමතුම් ගන්න පටන් ගත්තා. හැබැයි අනේ කවදාවත් ඒ දුරකතන අංකය වැඩ කළේ නැතිලු...
“එම දුරකතනයෙන් ප්රතිචාරයක් නැත” යන නිවේදනේ පමණයි කෝල් ගන්න උදවියට අහන්න ලැබුණෙ. ඉතින් මේ රැවටිලිකාර වැඩේ නිසා මළ පැනපු මිනිස්සු නාරාහේන්පිට පැත්තෙ තියෙන මේ ඇමැති අංශෙට ඇවිත් ගෝරණාඩු කරන්න පටන් අරන්ලු. ඒත් විපතට පත්වූ අයට පිහිට වෙන්න එතන කවුරුත් නැහැ කියලයි ආරංචි...
එතන වැඩ භාරව ඉන්න එක්තරා “ගෙම්බර්” වලට ප්රසිද්ධ ලේකම් සයිස් කෙනකුට මේ පැමිණිල්ල කරන්න ට්රයි කරපු අයටත් ලැබුණෙ “එතුමා පැමිණ නැත” යන උත්තරේලු.