ආණ්ඩුවෙ ඉන්න ගමන් එළියට ඇවිත් කෑගහන මන්තිරි තැන වගේම තවත් කෙනෙක් ඉන්නවලු රැල්ලට කෑගහන. මෙයාගෙ තාත්තා ඉහළම තනතුරක් දැරුව. මෙයා දැන් රාජ්ය මට්ටමේ ඇමති කෙනෙක්ලු. මෙයත් අර නීතිඥ මන්තිරිතුමා වගේ ආණ්ඩුවට දෙස් තියන්න ගත්තලු පෝර්ට් සිටිය ගැන. තැන තැන හම්බවෙන මයික්වලට මමත් නීතිඥතුමා එක්ක එකඟයි අරහේ මෙහේ කියනවලු.
ඒ පාර මෙයා ගැනත් පොහොට්ටුවේ පසුපෙළ මන්තිරි කට්ටිය කතාවුණාලු දෙන්න දඬුවමක් පක්ෂය හරහා කියලා. මොකද ඒ වගේ කරන විවේචන ආණ්ඩුවට හොඳ නැති නිසා. එහෙම කතා කරද්දී පක්ෂයේ ඉහළ තැනකින් ආවලු ඒකට නියෝගයක්. එයාට මුකුත් කියන්න කරන්න එපා කියලා. ඊටපස්සේ එයාලා ඇහුවලු මොකක්ද ඒකට හේතුව, එයාට බයද කියලා.
උඩින් ආවේ මෙහෙම පිළිතුරක්ලු “එයා රැල්ලට කෑ ගහන කෙනෙක් විතරයි. ඔය කෑ ගැහුවට පක්ෂයෙන් යන්නෙත් නෑ. කියන දේවල් කරන්නෙත් නෑ. නිකන් බොරුවට එයාට විරුද්ධව කතා කළොත් එයා ඒක අල්ලන් දඟලන්න ගනී. ඒ නිසා ඔය බැන්නාවේ. මිනිහව ගණන් ගන්න එපා” කියලා.
ඒ කිව්වත් වගේම එයාව කට්ටිය අමතක කරාලු. අනේ දැන් ශෝක් එකට ඉන්නවලු කිසිම සද්දයක් නැතුව.