2021 ජුලි 24 වන සෙනසුරාදා

අලුත් අපේක්ෂකයෙක්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 586

කළුතර පැත්තේ දුරකථන පාටියේ අලුත් සාමාජිකයා වුණු, ඒත් තවමත් මම ශ්‍රී ලංකා කියන උස උන්නැහේ මේ දවස්වල එංගලන්තයට තමන්ගේ බිලී පිත්ත දාලලු තියෙන්නේ. ඒ දාලා තියෙන්නේ හිටපු ලොකු මැඩම්ගේ පුත්‍ර රත්නය අල්ලන්න ඇමක් ගහලලු.

එයා හිටපු ලොකු නෝනට කිව්වලු ඔබතුමියත් පළමු පියවර බස්නාහිර මහ ඇමැතිකමෙන්ම තිබ්බ නිසා පුතාටත් පළවෙනි පියවර බස්නාහිර මහ ඇමැතිකමින්ම තියන්න දෙන්න කියලා. ඒත් නෝනා කිව්වලු පුතා නම් කැමති වෙයිද දන්නේ නෑ කියලා. ඒත් උත්සාහය අත නොහැරපු මෙයා නෝනට කිව්වලු එයා කතා කරන්නම් කියලා පුතා එක්ක. ඒ නිසා මේ දවස්වල උස උන්නැහේගේ බිලී පිත්ත තියෙන්නේ එංගලන්තයට දාලලු. නමුත් එංගලන්තෙ ඉඳන් විමුක්තිය ලබාපු හොරගොල්ලෙ මුණුබුරාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලයි ආරංචි. ඒ නිසා කළුතර යාළුවා මාර අප්සෙට් එකේලු ඉන්නෙ.