2021 ජුලි 31 වන සෙනසුරාදා

දඬුමොණරට ගෝරියක්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 743

පුලතිසිපුරේ හාල් මාෆියාවට ආණ්ඩුව මේ පාර දුන්න බෙහෙත වැඩකරල...

වෙනද ආණ්ඩුව ඇතුළෙ ආණ්ඩු කළ මේ කස්ටිය පිටරටින් හාල් ගෙන්වීමේ තීන්දුවත් එක්ක හීලෑවෙච්ච බවයි ආරංචි....
හැබැයි එහෙම වුණාට පුලතිසිපුරේ හාල් නිපදවන ලොකුම හතර පස්දෙනා අතරේ තිරය පිටුපස ගෝරියක් පටන් අරන් කියලත් ඒ පැත්තෙන් තොරතුරු වාර්තා වෙනව...

මේ හාල් නිපදවන්නො හතරදෙනාගෙන් තුන් දෙනෙක්ම එක හාල්කාරයකුට බලු බැණුම් බනින බවයි තතු දත් අය කියන්නෙ. ඒකට හේතුව හාල් වෙළෙඳාමෙන් තමන්ට දිනපතා ලැබෙන මහා ධනස්කන්ධය දරාගන්න බැරුව ඒ උන්නැහේ දඬුමොණරයක් සල්ලිවලට ගැනීමලු...

රටේ ජනතාවගෙ බත්පතෙන් මේ තරම් සල්ලි ගරාගන්න පුළුවන් කියල රටවත් රජයටත් ඒත්තු ගියේ මේ දඬුමොණර යානය මිලදී ගැනීම නිසා බවයි ලොකුම හාල්කාරයො තුන් දෙනෙකුගේ මතය. ඒ නිසා දඬුමොණර හිමිය සෙසු හාල් ව්‍යාපාරවලට නැති ලෙඩක් දැම්මය කියල අනිත් අය හතර අතේ බණිනවලු... ආණ්ඩුව තමන් පස්සෙ එළවන්න පටන් ගන්නෙ මේ ව්‍යාපාරය මහා ධන උල්පතක් බව දැනගත්ත නිසාලු... ඒකට පාර කැපුවෙ දඬුමොණර කාරය බවයි අනිත් අයගෙ මතේ....

කොහොම නමුත් මේ හාල් කස්ටිය වෙළෙඳාම සරු කාලෙ දවසකට ගත්ත ලාභය විතරක් ලක්ෂ හාරපන්සීය ඉක්මවා යන බවත් ආරංචියි.