තෙල් ඇමැතිතුමාට විරුද්ධ විශ්වාසභංගෙ විවාදය නැගල යද්දි ආණ්ඩුවෙ විපක්ෂය දෙගොල්ලන්ගෙම වාග් සංග්රාමය උග්ර විදියට කෙරුණා.. ආණ්ඩු පැත්තෙන් අපේ පංචායුධ ඇමැතිතුමා ඇට්ටි හැලෙන කතාවක් කළා. විපක්ෂයෙනුත් ඒ වගේම කතා ගණනක් සිද්ධ වුණා...
ඔය ජරමට අස්සෙ පංචායුධ පුංචි කොළයක් අරන් පොඩි නෝට් එකක් ලිව්වා.. ඒක ලියන ඇරියෙ ටැලිෆෝන් පක්ෂයේ ඉන්න හිතවත් මන්ත්රී සයිස් මහත්තයකුට. එයා විපක්ෂයෙ ලොක්කෙක්. ලොකු කතාකාරයෙක්... පංචායුධ තමන්ගෙ නෝට් එක ලියල ළඟ ඉන්න යාළුවකුටත් පෙන්නුවා.. ඒකෙ තිබුණෙ...
“කබී මචෝ.. මට විරුද්ධවත් මේ වගේ භංගයක් ගෙනෙන්කො. ඒක මට කරන ලොකු උදව්වක්..” කියලයි.
ඒක බලපු විපක්ෂයෙ ලොක්කා කට කොණකින් හිනාවෙලා මෙහෙම උත්තරයක් පංචායුධට ලබා දුන්නලු...
“පිස්සු නැතුව හිටපං බන්. ආයෙත් නම් භංග නැහැ”.. කියලයි ඒ සටහනේ ලියල තිබුණෙ..
ඒක බලපු පංචායුධගෙ කටින් මෙහෙම කියවුණා කියලත් ආරංචියි. “ආ එහෙනම් භංග - භංග වෙලා වගෙයි”...