රටේ එක්තරා ආරක්ෂක අංශයක් භාරව ඉන්න අර්ථයෙන් ධර්මයෙන් කතා කරන ඇමැති සයිස් මහත්තයකුට පසුගියදා ආණ්ඩුවෙ ඉහළම කන්තෝරැවෙන් කැඳවීමක් ලැබුණා.
කලක් රටේ ආරස්සාව භාර අංශයක රස්සාව කරලා ඊටපස්සේ ඈත පළාතකින් දේශපාලනේට ඇවිල්ල එහේදි මැතිවරණ සුනාමියකට අහුවෙලා බස්නාහිරට පාවෙලා ආපු මුන්නැහේ මෙවර ලොකු දිනුමක් ලබාගන්න. ඊටපස්සෙ ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේටත් පත්වෙලා ටික දවසක් යනකොට විවිධ පුවත් මවන්න පටන් ගත්ත.
කොරෝනා මර්දනයේදී උන්නැහේ වටා ගෙතුන කතා නිසා රටේ ලොකු මහත්තරු පවා එයා එක්ක අප්සෙට් ගියාලු. එහෙම වැඩ අබ්ලික් වේගෙන ගිහිල්ල ඉන්නකොට උන්නැහේගෙ පුත්ර රත්නයකුත් ඇමැති අංශ කටයුතුවලට යම් යම් විදියට මැදිහත්වෙන බවට ආරංචියක් ගියා. මේ සේරම වාර්තා රටේ ඉහළම කන්තෝරැවට ලැබිලත් තිබුණා...
මේ සියලු හුටපට මැද රටේ ඉහළම කන්තෝරුවට කැඳවපු මෙයාගෙන් ඒ සියල්ල ප්රශ්න කරලා ඉතාමත් සැර විදියට අන්තිම අවවාදය දුන්නලු... තවදුරටත් මේවා මෙහෙම වුණොත් තමන්ගෙ කැබිනට් පට්ටම මහ කන්තෝරුවටම පවරාගෙන පසුපෙළට යවන බවත් කියලා....
කොහොම හරි මේ අවවාද අහගෙන බොහෝ දුකෙන් රටේ දෙවැනි මහත්තයා හමුවෙන්න ආපු ඇමැති භවතා දුක කියමින් ටැග්ගැහුනා කියලා ආරංචියි.