2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ආපයින්ම ගමට

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 635

අපේ රටේ හාල් වෙළෙඳාමෙන් රජවෙලා ඉන්නෙ තමන් යැයි සිතන එක්තරා ධනවතෙක් ඊයේ පෙරේදා හදිස්සියෙම ගාලුමුවදොර තියෙන ආණ්ඩුවෙ ලොකු මහත්තයගෙ මහ කන්තෝරුවට ආව....

උන්නැහේ ඇවිත් තිබුණේ තමන්ල හාල් වෙළෙඳාමෙන් අලාභ ලබනවය කියල කරුණු දක්වන්න කියලත් ආරංචියි.... එයාගෙ ධනවත්කමත් බලවත්කමත් හින්දවෙන්න ඇති උන්නැහේ හදිස්සියෙ රටේ මහ කන්තෝරුවට කලින් දැනුම් දීමක් හෝ ඇපොයින්මන්ට් එකක් නැතුව කඩාපාත් වුණේ...

එයා මීට කලිනුත් ඔය විදියට වාර ගණනාවක්ම ඇවිල්ල නොයෙක් දේවල් පොරොන්දු වෙලා ඒව කියපු විදියට ඉටු නොකළ කෙනෙක් බව මහ කන්තෝරුව හොඳින්ම දැනගෙනලු හිටියෙත්. කොහොම නමුත් ආරස්සක අංසෙ කස්ටිය ඉහළට මෙයා ඇවිත් ඉන්න බව වාර්තා කළා...

නමුත් වෙනද වගේ එයාට ඉහළින් හමුවීමකට අවසර ලැබුණෙ නැහැ. කියන්න තියෙන දෙයක් ලියුමකින් දන්වන්න කියලයි ලැබුණ පණිවුඩෙන් කියැවුණේ...

ඊට පස්සේ මේ හාල් මෝල්පති තැන බොහොම කනස්සල්ලෙන් පුලතිසිපුරේ පැත්තට යන්න ගියාලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00