2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ලොකු පොඩි ඇමැතිලගෙ වලිය

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 778

සුව ඇමැතිලා දෙන්නෙක් මේ දවස්වල බලය වෙනුවෙන් සටනක්ලු. ඒ කැබිනට් ඇමැතිගේ බලය රාජ්‍ය ඇමැතිටත් දෙන්න කියලා. කොහොම හරි ඒකට හේතුව ඖෂධ මාෆියාව බලන්න දාපු කමිටුවේ පළවෙනි නිර්දේශය හැටියට ඒක තියෙන නිසාලු. මේක ඇමැතිට ටිකක් තරහා යන්න හේතුවක් වෙලාලු. දැන් කොහොම හරි දෙන්නට දෙන්න අළුයට ගිනි පුපුරු වගේ ඉන්නෙලු.

මේකෙන් වැඩියෙන්ම තැලෙන්නේ අර අහිංසක රාජ්‍ය සේවකයෝ කියලයි ආරංචිය. මොකද මේ දෙන්නගේ තීරණ නිසා අර රාජ්‍ය සේවකයෝ නන්නත්තාර වෙලා කියලයි ආරංචිය. මේ හුටපටත් ඖෂධ මාෆියාවෙ කෙරුවාවත් නිසා බේත් සංස්ථාවෙ ලොක්කො දෙන්නත් ගෙදර යන්නලු හදන්නෙ. කොහොම වුණත් දැනගන්න තියෙන හැටියට එක ඇමැති කෙනෙක් ටිකක් උඩින් ඉන්නේ කියලා කට්ටිය ගොඩක් විරුද්ධයිලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00