ඒකාබද්දෙන් මිනිපුරේ මහ ඇමැති අපෙක්ෂක පට්ටම මන්ත්‍රී නෝන කෙනෙකුට දෙන්න යන එක ගැන පළාතෙ මන්ත්‍රී සයිස් කස්ටියකට මල පැනලලු ඉන්නෙ...
සොයිස අයිය... කුඹුර මල්ලි වගේම චොකා මල්ලිත් මේ විරෝධතාවට එකතුවෙලා සිටින බවට හිටපු ලොකු තැනගෙ කන්තෝරුවට වාර්තාවෙලා...
මේ හුටපටේ පිටිපස්සේ තවත් ජ්‍යෙෂ්ඨ චරිතෙකුත් ඉන්නව කියල අපේක්ෂකකම බලාපොරොත්තුවෙන නෝන මහත්තය කියනව...
කොහොමින් කොහොමහරි ඒ නෝන කරන වැඩවලට මේ දෙතුන් දෙනාගෙ සහාය නොලැබීම ප්‍රශ්නයක් වුණත් ආරච්චි නෝනත් ලේසියෙන් ගේම අතාරින කෙනෙක් නෙවෙයි... එයත් කැත්තට පොල්ල වගේ සටනට සැරසෙමින් ඉන්න බවයි සමහරු කියන්නෙ.