2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

මඩ වැඩක්ලු!

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 666

බදුල්ලේ ඉඳලා සියනෑවට ආපු කටකාරයට මේ දවස්වල ටිකක් හරි නෑලු. ඒකට හේතුව එයාට විරුද්ධව ඉතාම සංවිධානාත්මක ලෙස මඩ ප්‍රහාරයක් ක්‍රියාත්මක වෙමින් යන නිසාලු. ගොඩක් අය හිතුවට මේ මඩ ගහන්නේ ආණ්ඩු පක්ෂයෙන් කියලා ඇත්තටම මඩ වැඩේ පිටිපස්සේ ඉන්නේ එයාගෙම කණ්ඩායමේ අය කිහිප දෙනෙක් කියලා එයාට තොරතුරු ලැබිලා.

ලොක්කා ගාවම ඉන්න මේ කිහිපදෙනා ගැන මෙයා ළඟදිම මාධ්‍ය ඉදිරියේ කියනවා කියලයි ආරංචිය. මොකද මෙයා ක්‍රමයෙන් උඩට එමින් ඉන්න නිසා වගේම පක්ෂයෙ ලොකු ලොක්කන්ටත් අභියෝගයක් වෙමින් ඉන්න හින්දා තමයිලු මේ වැඩේ වෙන්නේ. මෙයා තවම මේක එළිපිට විසඳගන්න ගිහින් නෑලු. හැබැයි එළිපිට විසඳගන්න ගියොත් ඔය හැමෝටම රෙදි ගැලවෙන්නයි දෙන්නේ කියලා මෙයා තමන්ට හිතවත් ගොඩක් අය එක්ක කියලා කියලයි ආරංචිය.