මේක හරක් කතාවක්. කාකි සූට් කස්ටියටත් සම්බන්ධයි. දකුණු මුහුදුකරේ ඉන්න පාතාලෙටත් නම ගෑවුණු හරක් නමක් තිබෙන පොරක් ඉන්නවා... උන්නැහේ කරන බිස්නස් අතරේ හරක් ජාවාරමත් එකක්.
ඉතින් මෙයාගෙ ජාවාරම්කාර සගයො නීති විරෝධීව හරක් රුලක් ප්‍රවාහනේ කරද්දි දකුණු පළාතෙ කාකි සූට් බලධාරීන්ට අහුවුණා. ඊට පස්සෙ ඒ හරක් ටික කාකි සූට් කස්ටිය තමන්ගෙ කන්තෝරුවට ගෙනාවා...
වැලිවලට ප්‍රසිද්ධ මේ දකුණෙ නගරෙ කාකි සූට් කස්ටිය තමන්ගෙ හරක් අල්ලගත්ත බව දැනගත්ත ජාවාරමේ ලොක්කා කාකි සූට් කස්ටියගෙ වගකිවයුත්තෙක් එක්ක ගනුදෙනුවක් කතා කළාලු. ඒක ලක්ෂ ගණනක වැඩක් බවත් ආරංචියි... ඒක සාර්ථක වුණු නිසා ඉබේම හරක් ටික අදාළ අයට ලැබුණලු...
මේ හරක් ගනුදෙනුවට සම්බන්ධ බව කියන කාකි සූට් ලොක්කා පළාතෙ දේශපාලන බලධාරීන්ගෙ සුරතලෙක්ලු.
ඒ වුණත් මේ කතාව ජාවාරම්කාරයන්ගෙ කටින්ම තැන් තැන්වල කියවිලා දැන් ඒ කාකි සූට් ලොක්කට විරුද්ධව පරීක්ෂණයක් පටන් අරන් කියල ආරංචියි. ඒත් ඒ පරීක්ෂණවලට තමන් බය නැති බව කාකි සූට් ලොක්කා කියන්නෙ දේශපාලන හයිය නිසා බවයි තතු දත් අය කියන්නෙ.