2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

නඩුවකට වංගුවක්

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 602

ආණ්ඩුවේ ලොකු දේශපාලන පට්ටමක් දරණ උඩරට පළාතේ මහත්තයෙක් ඉන්නවා. ගොඩමඩ දෙකේම වැඩට දක්ෂ මුන්නැහේ හොඳ කතාකාරයෙක්. ඒ වුණාට මුන්නැහේගේ පසුගිය කාලයේ කරපු සමහර වැඩ නිසා උසාවි ගණනාවක නඩු හබ වැටිලා කියලා ආරංචි. ඒ පහුගිය ආණ්ඩු කාලයේ තමන්ගේ වාඩුව ගන්න පටලවපු බොරු නඩු කියලා මුන්නැහේ විවෘත සභාවේ කිව්වලු. එහෙනම් තියෙන්නේ ඒවට මුණ දීලා ගොඩගන්න බලන එක වුණාට උන්නැහේ ඒකෙදී අනුගමනය කරන්නේ වෙනින් විදිහක් කියලා එයාට සමීප තතු දත් අය කියනවා.

ආණ්ඩුවේ එක්තරා කොමිසමකට උන්නැහේට විරුද්ධව තිබුණු සාක්ෂි පදනම් කරගෙන පවරපු නඩු වංගුවක් ගහලා අයින් කරගන්න පුළුවන්ද කියලා බලන එකලු අලුත්ම ක්‍රමය. මේක දැන් නඩුව පවරපු කොමිසමට වාතයක් වෙන තරමට දුරදිග ගිහිල්ලා. කොහොම නමුත් මෙයා දරන උත්සහයට අලුත් කඩෙන්වත් කොමිසමෙන්වත් ග්‍රීන් ලයිට් වැටෙන පාටක් නෑ. තවත් වාත වෙන්න ගියොත් ඒ නිලධාරීන් එළියට ඇවිත් ප්‍රසිද්ධ සභාවේ මේ ගැන ඇත්ත කතා කරන්න ගන්නලු ඉන්නේ.