මහාමාර්ගෙ ඉඳල දේශපාලන වලියක් ඇදගත්ත මීගමු ඇමැතිතුමාගෙ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැතිවීම ගැන උන්නැහේ ඉන්නෙ දුකෙන් සහ තරහෙන් කියලයි ආරංචි...
පසුගියදාක උන්නැහේට ගෙදරම යන්න හිතුණු මේ ප්රශ්නය ගැන ආණ්ඩුවෙ ඉහළම තැනකින් විමසීමක් කළාලු. එතෙන්දි මීගමු ඇමැති තැන තමන් වැඩ කළ ඇමැති අංසෙ කිසිම වැඩක් කරන්න තමාට බැරිවුණු බව කියමින් ඒකට බලපාපු හේතු හැට හුට හමාරක් ආණ්ඩුවෙ ප්‍රධානියට කියල...
මෙතෙන්දි කියැවුණු කතා අතරෙ එක්තරා රස කතාවකුත් තිබෙනව... ඒක ගෑනු කතාවක්ලු. මීගමු ඇමැති තැනගෙ අමාත්‍යංශයෙ වැඩවලට අත දාන එක්තරා ලේකම් කෙනෙක් ඉන්නවලු. ඉතාම ලස්සන තරුණ නෝනා කෙනෙක් ඉන්න උන්නැහේට අමාත්‍යංශයෙ රාජ්‍ය ඇමැතිටත් නැති බලතල ඉහළින් දීල තිබෙන බවත් මීගමු ඇමැති තැන කියල.
ඉතින් මේ ලස්සන නෝනටත් අමාත්‍යංශයෙ කරන්න බැරි වැඩක් නැතිලු... ඒ සියල්ල සිදුවෙන්නෙ ඉහළ අනුහසින්ය කියලත් අඟවල...
පසුගිය දවසක මීගමු ඇමැති තැන හමුවෙන්න ආපු මේ ලස්සන නෝනගෙ මහත්තය ඒ කියන්නෙ ලේකම් තනතුරක් දරණ කෙනා රාජ්‍ය ඇමැති තැන වන මීගමු යාළුවට කිව්වලු ඔහේ මෙතන කැබිනට් අමාත්‍යංශයෙ වැඩවලට අතගහන්න එන්න එපා. තමුන්ගෙ වැඩක් බලාගන්න* කියල... ඒ වෙලාවෙ මීගමු ඇමැති තැනත් මේ ලේකම් තැනට හොඳවයින් දෙකක් කිව්වලු...
ඒත් අමාත්‍යංශයෙ නිලධාරීන් ලවා මේ විදියට මට පාච්චල් කරද්දි මම මෙතන වැඩ කරන්නෙ කොහොමද.. කියල අහපු මීගමු ඇමැති තැන අමාත්‍යංශයෙ කෙරැවාවල් ගණනාවක් ගැන ලිපි ලේඛන එක්ක තොරතුරැ ඉහළම කෙනාට බාරදුන් බවත් ආරංචියි.