2022 මාර්තු 06 වන ඉරිදා

අලුත් උපදේශකයෙක්

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 759

දුරකථන පාටියේ හිටපු දැන් මහ උළු ගෙදර ඉන්න කෙනාව බේරගන්න අවසන් මෙහෙයුම දීලා තියෙන්නේ හිතාගන්න බැරි කෙනෙක්ලු. ඒ එයාලගේ පක්ෂයෙත් නැති වෙන පක්ෂයක ඉන්න ලොක්කෙක්ලු. ඒ අලි පාටියේ ලොක්කලු. එයා තමයිලු කියලා තියෙන්නේ මේ රටේ අධිකරණයට වගේම ජාත්‍යන්තරයට යන්න කියලා තියෙන්නේ.

හැබැයි මේ ජාත්‍යන්තර වැඩේට දුරකථන පාටියේ ලොක්කා ඒ හැටි කැමැති නැතිලු. ඒකට හේතුව එයා කියන්නේ මේ වැඩේ එහේ යන්නේ නැතුව මෙහේ විසඳගන්න කියලා. මොකද එයා ජාත්‍යන්තර වැඩවලට අකැමැති නිසා. එයා මේ වැඩේට විරුද්ධ නිසා දන්න කට්ටියටත් ඒ ගැන කිව්වලු. හැබැයි ඒ පාටියේම හරි මග යන කෙනෙකුයි දකුණේ ඉන්න කෙනෙකුයි මේ වැඩේ ජාත්‍යන්තරයෙන්ම විසඳගන්න ප්ලෑන් කරලා ඉවරලු. ඒ පරණ ලොක්කගේ උපදෙස් මත. මේවා එක පැත්තකින් තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා කට්ටිය කතා වුණාලු.