2022 මාර්තු 06 වන ඉරිදා

කොන් - ත්‍රාත් ගෝරියක්

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 757

අං-පාර පැත්තෙන් දියවන්නාවට ඇවිල්ල රාජ්‍ය මට්ටමේ ඇමැති පට්ටමක් දරන දේශපාලුතුමාට කරදර පිට කරදර කියල ආරංචියි...

මොන අලකලංචිය සිද්ධ වුණත් ඒ හැම එකක් එක්කම ඔට්ටුවෙන ගමේ විදියට කාල බීල මහ පොළොවේ ජීවත්වන මුන්නැහේට පසුගියදාක හොඳටම මල පැනල තිබුණ...

ඒකට හේතුව කොන්තරාත් ප්‍රශ්නයක් බවයි තතු දත් අය කියන්නෙ.

තමන්ගෙ පළාතෙ පාරවල් හදන්න කියල මහ ආණ්ඩුව එයාට වෙන්කරපු සල්ලිවලින් පළාතෙ පුංචි පුංචි කොන්තරාත් කස්ටියට වැඩ පවරන්න යනකොට පාරවල් භාර ඇමැති අංසෙ නියමය පිට වෙනත් පළාත්වලින් අං-පාරට කොන්තරාත් කස්ටියක් පංගාර්තු කොරල. මේ නිසා පළාතෙ කොන්තරාත් කස්ටිය මෙයාට දොස් පරොස් කිව්වම ඒකට මල පැනපු අං-පාරෙ ලොක්ක කෙලින්ම පාරවල් භාර ඇමැති අංසෙට කඩාපාත්වෙලා එතන ලොකු ලොක්කන්ට බරපතළ බාල්දියක් පෙරළලලු. මේක මහා පෝරියල් එකක් සහ වාග් සංග්‍රාමයක් මට්ටමට පත්වෙලා ආණ්ඩුවෙ ඉහළම තැන්වලටත් වැඩේ වාර්තාවෙලා...

ඒ ගැන අහපු ආණ්ඩුවෙ ප්‍රබල අය සේමර අං-පාරෙ ලොක්ක සාධාරණ බව කියමින් එයාගෙ ගෝරියට සුදු හුණු පාරක් ගෑවලු...

ඒකට පාරවල් භාර දේශපාලන කස්ටිය ඉන්නෙ අසතුටින් කියල ආරංචියි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00