2022 මාර්තු 06 වන ඉරිදා

මහදැනමුත්තගෙ කතාවක්

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 617

මෙයාලට උදව් කරල මට සිද්ධ වුණේ මහදැනමුත්තට සිද්ධ වුණ වැඩේ.... බෙල්ලයි.... මුට්ටියයි දෙකම නැතිවුණා... පසුගිය දවසක මැතිසභා ලොබියෙදි මෙහෙම කියමින් ලොකු දේශපාලන අඳෝනාවක් කළේ මැතිසබයෙ දකුණු පළාතෙ ආසනයක් නියෝජනේ කරන මන්ත්‍රීතුමියක්ලු....

එයා දේශපාලනඥයෙක් වගේම රටේම ජනප්‍රිය තරැවක් බවත් කියන්න ඕන.

යහපාලනේ කාලෙ එදා රටේ හිටපු ලොකු ලොක්කො තමන්ට පොහොට්ටුව අත්හැරල ආණ්ඩුවට මුක්කු ගහන්න කිව්වත් තමන් ඒක කළේ නැති බව කිව්ව මන්ත්‍රීතුමිය... ඒ නිසාම තමන්ට එතෙක් දැරෑ පට්ටම අහිමි වූ බවත් කීව... ඒත් එක්කම පිටරටක ජීවත් වෙන්න දීපු බල පත්තරෙත් අවලංගු වීමෙන් තමන් නන්නත්තාර වූ බව පැවසූ එතුමිය... මෙවර මහ ඡන්දෙයන් තමන් කවුන්සිලේට පත්වුණත් එදා තමන් විඳපු දුකට සහනයක් දෙන්න වත්මන් රජයට බැරිවුණ වගත් කිව්වෙ තරහින්...

මහදැනමුත්තාට සිදුවූ දේ තමන්ට සිද්ධ වුණත් මහදැනමුත්තා පවා තමන්ට වඩා වාසනාවන්ත යැයි කී එතුමිය... පොහොට්ටු ආණ්ඩුවේ පට්ටම් බෙදනකොට තමන් අමතක කිරීම ගැන මැති ඇමැති කස්ටිය එක්ක තදින්ම දොස් කිව්ව...

එහෙම කියල අන්තිමට එයා ඉස්සරහට තමන් වෙනත් පක්ෂයක වේදිකාවට නගින්න ඉඩ තිබෙන බවත් එහෙම නැග්ග දවසට තමන්ට මේව කළ අයට හොඳවැයින් දෙකක් කියන බවත් මේ කටකාර තරැව සඳහන් කළා....

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00