දියවන්නා කවුන්සිලේ ආණ්ඩුව පැත්තෙ වාඩිවෙලා ඉන්න මන්ත්රී පට්ටමක් දරන එක්තරා සුවිශේෂ කෙනෙක් මින් ඉදිරියට ආණ්ඩුවෙ රැස්වීම්වලටවත් වැඩවලටවත් ගාවා නොගන්න රහසිගත තීන්දුවක් අරන්ලු...
හැමදාම අලුත් ආණ්ඩුවක් ආවම ඒක හදන්න මහන්සි වෙන බව පෙන්වලා දියවන්නා කවුන්සිලේට සැට්වෙන මේ අපූරු චරිතය ආණ්ඩු හදන්න වගේම දේශපාලන බාල්දි අදින්නත් දක්ෂයිලු. ආණ්ඩුවෙ සමහරු නම් කියන්නෙ මෙයාට රටේ ඡන්ද 500ක් ගන්න බැරිවුණාට මන්තිරි පට්ටමක් අරන් ආණ්ඩුවලට විරුද්ධව කුමන්ත්රණ කරන්නෙක් කියලයි...
මේ චරිතය අද ආණ්ඩුවේ රැස්වීමෙ ඉන්නව හෙට විපක්ෂයට සම්බන්ධ රැස්වීමක ඉන්නවා.... ඊළඟ දවසෙ ආණ්ඩුවෙම විකල්ප ස්වාධීන කණ්ඩායමේ රැස්වීම්වල ඉන්නවා. ඔය වගේ අතන-මෙතන හැමතැනම පෙනී සිටින අකුරු තුනක නමක් ඇති මේ චරිතයෙ සියලු තොරතුරු හොයාගත්ත ආණ්ඩුවෙ වගකිවයුතු අය අතන - මෙතන - හැමතැනම ඉන්න අයට මෙහේ බෑ කියල කියන්න තීන්දු කරලා ළඟදීම මේ කතාව දැනුම් දෙන්නලු යන්නෙ.