අත පාටියයි, පක්ෂ ටිකයි එකතුවෙලා අලුත් බලවේගයක් හදන වැඩේ ඇතුළේ තවම ඒ වෙනුවෙන් නායකයෙක් නම් කරලා නෑලු. නායකයා නම් කරන එක පංචායුද කුමාරයයි, පිවිතුරු හාදයයි කරන්න ප්ලෑන් කරලා තියෙනකොට කාටත් හොරා එක්කෙනෙක් ඊළඟ නායකයා වෙන ඇඳුම් මදින්න පටන් අරන්ලු. එයා ගැන වචනයක්වත් කතා කරලා නැති මොහොතක ඒ පක්ෂ එකොළහේ වැඩිම බහුතරේ තියෙන්නෙ එයාට නිසා එයා තමයි ජාතික නායකයා කියලා දැන් එයාම කියාගන්නවලු.
ඒ අතර අනික් කට්ටිය කතාවෙලා තියෙන්නේ එයා නැතුව වෙන කෙනෙක් දාන්න. ඒ අතර පංචායුද දාගත්ත කෙනෙකුත් ඉන්නවලු. කොහොම වුණත් පරණ ඇඳුම් මදින බව ආරංචි වුණාම අනෙක් අයට ඒ අය කතා වුණාලු ඒක ලප් තැනම ලොප් කරන්න ඕන කියලා. ඔන්න ඊළඟ රැස්වීම එනකල්ලු ඉන්නේ වැඩේ දෙන්න.